එංගලන්තයේ හිටපු අමතිවරයෙකුවන ඩෙනිස් මැක්ෂේන්ට තමන්ට ලැබියයුතු අමතර දීමනා ලබාගැනීමට හොර කුවිතාන්සි සපයා පවුම් 13,000 ( රුපියල් ලක්ෂ 27 ක්) වංචා සහගතව ලබාගැනීමේ වරදට මාස 6 ක සිරදඬුවමක් නියම විය.
මැක්ෂේන් හොර කුවිතාන්සි ඉදිරිපත්කර තිබුනේ " භාෂා පරිවර්තන සහ පර්යේෂණ කටයුතු " වෙනුවෙන් වැයකළ මුදල් වශයෙනි.
හිටපු ඇමතිවරයාට හය මාසයක සිරදඬුවමක් නියමකළ විනිසුරුවරයා පැවසුවේ " මැක්ෂේන්ගේ වංකභාවය දේශපාලනයෙහි නියුතු සැමගේ හොඳනමට ලොකු කැළලක් ඇතිකරන බවයි. " මේ ගැන සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ ඔබම මිස වෙන කිසි කෙනෙකු නොවන" බවද විනිසුරුවරයා පැවසීය.
ඩෙනිස් මැක්ෂේන් පසුගිය කම්කරු රජයේ යුරෝපා කටයුතු බාර ඇමතිවරයා විය.
සිරියාවේ පාලනය අල්ලා ගත් විපක්ෂ ක්‍රියාකාරීන් සහ කැරැලිකරුවන්ගේ ක්‍රියාකලාපය අනුව, ඔවුන් සමඟ සබඳතා ඇති කරගන්නා බව, රටින් පලා ගිය සිරියානු ජනාධිපති බ
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් 43,000 ක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. යුද්ධය නිස
විපක්ෂ ක්‍රියාකාරීන් සහ සන්නද්ධ කැරැලිකරුවන්, බලය අල්ලා ගනිද්දී රටින් පලා ගිය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ පවුලේ සාමාජිකයන් රුසියාවේ මොස්කව
ඇමෙරිකාවේ නාසා ආයතනය, ගගනගාමීන් නැවත සඳට යැවීමේ අරමුණින් ’ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර ඇත.
යළි ගොඩනැගුණු නොත්‍රදාම් දේවස්ථානය ජනතාවට විවෘත කිරිමේ උත්සවයට පැරිස් අගනුවරට පැමිණි ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ස
සිරියානු සන්නද්ධ විපක්ෂයට සහාය දක්වන කැරැලිකරුවෝ එරට ඩමැස්කස් අගනුවර අල්ලා ගැනීමත් සමඟ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය බිඳ වැටුණි.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
බොරු කී ඇමතිට හිර දඬුවම්
විරාජ් කාලිංග Tuesday, 24 December 2013 12:06 AM
කොයි තරම් ප්‍රජාතන්ත්‍ර වාදී රටවල්ද ඒවා. අහන්නත් අසයි ඔහොම දේවල්. (ත)
කුමාරිහාමි Tuesday, 24 December 2013 03:13 PM
ලංකාවේ ඇමතිලා "භාෂා පරිවර්තන" සල්ලි දීල කරවන්නේ නැහැ. අමාත්‍යංශයේ නිලධාරියෙක් ලව්වම කරගන්නවා. 'පර්යේෂණ කටයුතු" නම් කොහොමටවත් කරන්නේ නැහැ. එනිසා ඔහොම හොර කුවිතාන්සි දීමක් ලංකාවේ නම් සිදු වෙන්නේ නැහැ.(නදී)
නලීන් Tuesday, 24 December 2013 12:43 AM
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ත)
ෂේන් Tuesday, 24 December 2013 02:38 AM
සමහර රටවල දේශපාලකයන්ගේ දැනුම ගොඩක් අඩුයි. මේ අය බලයට පත්වුන ගමන් පශ්චාත් උපාදිය සඳහා ලංකාවට එව්වා නම් මේවගේ කරදර වලට මුහුනපාන්නේ නැහැ (අ)
පෙරේරා Tuesday, 24 December 2013 02:39 AM
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!!! (අ)
චමින්ද Tuesday, 24 December 2013 03:50 AM
ලංකාවෙනෙ ඉන්න තිබ්බේ (අ)
සමන්ති Tuesday, 24 December 2013 06:16 AM
ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි . ඊරියගොල්ල මහත්මයා සිටියානම් (අ)
සුමංගල ඇල්පිටිය Tuesday, 24 December 2013 07:28 AM
ඒවා නොකරන අයටනේ මෙහෙ ප්‍රශ්න . (ත)
ඉන්දික Tuesday, 24 December 2013 11:08 AM
කලබල වෙන්න එපා. එයා කලින් කම්කරු රජයේ හිටපු ඇමති කෙනෙක්. (ස)
කුසුම් Tuesday, 24 December 2013 11:49 AM
අන්න ඒවා තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ.(නදී)
ජයා Tuesday, 24 December 2013 12:13 PM
මෙහෙ අය හීනෙන් වත් බොරු කරලත් නැහැ, කරන්නෙත් නැහැ. එහෙම කරන්න හදනවනම් ඒක එන්.ජී.ඕ කුමන්ත්‍රණයක්.(නදී)
ඉන්දික Tuesday, 24 December 2013 12:59 PM
එයා කලින් ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙක්. ඉතින් ඔය වගේ දේවල් මෙහෙත් වෙන්නේ. (නදී)
කමල් Monday, 23 December 2013 06:49 PM
එහේ බොරු කීවාම හිරේ, මෙහේ බොරු කීවාම (අ)
සහන් බණ්ඩාර Monday, 23 December 2013 07:12 PM
හා හා.. කලබල වෙන්න කාරියක් නෑ. අපේ රටේ එහෙම කරන්නේ නෑ. ඇත්ත කතා කරන ඇමති කෙනෙකුට සම්මානයක් දුන්නොත් මිසක් බොරු කියනවයි කියල මේ ඇත්තන්ව හිරේට දැම්මොත්. ඉන්න ඇමතිවරු ගණනේ හැටියට පාර්ලිමේන්තුවේ කව්රුවත් ඉතිරිවෙන්නේ නැහැ නේ.(නදී)
සිතාරි Monday, 23 December 2013 07:57 PM
එංගලන්තේ එංගලන්තේ. (ත)
මොහාන් දමාම් Tuesday, 24 December 2013 02:22 PM
අපේ උදවිය ඇතුලට ගියාම එලියට එන්නේ වීරයෝ වෙලා. (නදී0