බ්‍රසීලයේ පරා පළාතේ ඕල්ටර්මිරා බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 52 දෙදෙනෙකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාරයේ එක් කොටසකට ගිනිතබා ඇති බවත් මියගිය අයගෙන් 16 දෙනකුගේ හිසගසා දමා තිබුණු බවත් බලධාරීහු පවසති.
පැය පහක පමණ කාලයක් තිස්සේ දෙපිරිස අතර ගැටුම් පැවතී ඇත.
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ගෙන තිබූ අතර පසුව නිදහස් කළ බව වාර්තා විය.
මෙම බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 200කට පමණක් වුවත් 300කට වැඩි පිරිසක් රඳවා සිටි බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරකාරයන්.. හිරේදීවත් ඉගෙනගන්න ඕනේ. මොකද්ද ජීවිතය කියන්නේ කියලා..! මෙව්වා අපේ හිරගෙවල් වලටත් හොඳ පාඩම්. ඇයි මේ රටවල්වල.. විපක්ෂයයි, නෑදෑයෝයි, හිතමිත්‍රයෝයි පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නේ නැත්තේ?
බැලුවම මෙහෙයි, එහෙයි වැඩි වෙනසක් නැහැ වගේ..!