ඇමරිකා ජාතික නිර්මාපකයෙකුගේ අපූරු අදහසකට පින්සිදු වන්නට බයිසිකල් ටයරයක හුළං ගිය විට මහමඟ රස්තියාදු විය යුතු නොවේ.
මෙම අපූරු උපාංගය ‘‘පැච් ඇන් ගෝ‘‘ ලෙස හැදින්වේ.එහි විශේෂ මැලියම් වර්ගයක් අන්තර්ගතය.
ටයරයක් සිදුරුව ඇත්නම් එම සිදුර ඇත්තේ කොතැනදැයි හදුනාගැනීමේ සමත් සංවේදකයන්ද මෙම උපාංගයේ ඇතුළත්ය.
සිදුර ඇති තැන හදුනාගැනීමෙන් පසු කිරීමට ඇත්තේ එම සිදුරින් මෙම උපාංගයේ ඇති උලක් වැනි ව්‍යුහය ටයරයට ඇතුල් කිරීමයි.එහි ඇති බොත්තමකින් මැලියම් ගලා ඒම පාලනය කළ හැකි අතර වරක් එබූ සැණින් මැලියම් ගලා විත් සිදුර වසා දැමිීම සිදුවේ.
මෙම උපාංගය නිපදවීමේ අරමුණ ටයර හා ටියුබ මාරු කරමින් පාපැදිකරුවන් විදින කරදරයට විසදුමක් දීම බව නිර්මාපකයා සඳහන් කරයි.
ඉදිරියේදී යතුරුපැදි සදහා විශේෂයෙන් සකස් කළ මෙවැනිම උපාංගයක් එළිදැක්වීමට නියමිතව ඇත.
මෙය දැනටමත් වෙළදපොළේ විකිණීමට තිබෙන අතර මිල ලෙස සදහන් වන්නේ ඩොලර් 25 කි.
COMMENTS