කොලොම්බියාවේ බොගෝටා හි පිහිටි බන්ධනාගාරයක් අසළ කාණු පද්ධතියක තිබී හමුවූ පුද්ගලයන් 100ක ගේ පමණ සිරුරු කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙවැනිම අවස්ථාවක් 1999 හා 2001 අතර කාලයේ පොපායන්, බුකරමන්ගා හා බැරන්කුයිලා බන්ධනාගාරවල ද මින් පෙර සිදුව ඇතැයි බලධාරීන් පවසයි.
කොාලොම්බියාවේ නීතිපති කාර්යාලය පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ සම්බන්ධ පර්යේෂණ සිදුකරන කණ්ඩායම පවසන්නේ බන්ධනාගාරයේ කාණු පද්ධතියේ තිබී හමුවූ සිරුරුවල අනන්‍යතාව සොයා ගැනීමට වෙහෙසෙන බවයි.
මාධ්‍ය වාර්තා කර ඇතතේ ගරිල්ලා කන්ඩායම්, ආයුධ සන්නද්ධ කුඩා කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ආරක්ෂක හමුදා එකිනෙක සටන් වැදුණු පසුගිය පනස් වසරක කාලයේ දී කොලොම්බියා වැසියන් දැඩි පීඩාවකට හා භීෂණයකට නතුව සිටි බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.