IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බත් හැළියේ අභියෝගය භාරතයේ

ඉන්දියාවේ ආහාර නොමැතිව දුක් විදින ජනතාව වෙනුවෙන් ‘රයිස් බකට් චැලේන්ජ්‘ (බත් හැලියේ අභියෝගය) නම් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියා මාධ්‍යවේදිනියක කටයුතු කර ඇත්තීය.

මෙය  මේ දිනවල ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන ඇති ‘අයිස් බකට් චැලේන්ජ්‘ (අයිස් බාල්දි අභියෝගය) නම් ව්‍යාපෘතිය ඉන්දියාවට ගැලපෙන සේ වෙනස් කර ඇත්තකි.

‘අයිස් බකට් චැලේන්ජ්‘ හිදී සිදුවන්නේ අයිස් පිරි ජල බාල්දියකින් හොඳ හැටි නාගන්නා පුද්ගලයෙකු තම සගයින් තිදෙනෙකුට හැකිනම් ඔවුන්ද අයිස් ජලයෙන් නාගෙන පෙන්වන සේ අභියෝග කිරීමයි.මෙය ඉතා බරපතල ගණයේ ස්නායු රෝගයකින් පෙළෙනා රෝගීන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමේ අරමුණ ඇතිව ආරම්භ කෙරුණු ප්‍රචාරක වැඩසටහනක් වන අතර කිසිවෙකුත් නොසිතූ පරදි එය කෙටි කලකින්ම ඉහළ ජනප්‍රියත්වයක් අත් කර ගැනීමට සමත් විය.

දැනටමත් ලොව ප්‍රකට නලූ නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරිකයින්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් ආදී පුද්ගලයෝ රාශියක් මෙසේ අයිස් වතුරෙන් නාගෙන ඇත.අරමුදලට මේ වන විට ඩොලර් ලක්ෂ 200 කට වඩා ආධාරද ලැබී තිබේ.

මේ අනුව යමින් ඉන්දියා මාධ්‍යවේදිනියක වන මන්ජු ලතා ඉන්දියා ජනතාව වෙනුවෙන් යැයි කියා ‘රයිස් බකට් චැලේන්ජ්‘ හදුන්වාදීමට කටයුතු කර තිඛෙන්නීය.

මෙහිදී සිදුවන්නේ අයිස් වතුර නෑවාක් මෙන් සහල් පිරි බාල්දියකින් නා ගැනීම නොව සහල් පිරි බාල්දියක් කවර හෝ දිළිදු පවුලකට ප්‍රදානය කිරීමයි.අනතුරුව එය ප්‍රදානය කරන්නා තවත් පුද්ගලයින් තිදෙනෙකුට හැකි නම් එසේ සහල් බාල්දිය බැගින් ප්‍රදානය කර පෙන්වන්නැයි අභියෝග කරයි.

අභියෝගය ආරම්භ කළ මන්ජු ලතා මේ වන විටත් සහල් බාල්දියක් ප්‍රදානය කර අවසන්ය ඇය අභියෝග කළ පුද්ගලයින් තිදෙනාද එය භාරගෙන ඇතැයිද නුදුරේදීම ඔවුන් සහල් බාල්දි ප්‍රදානය කරනු ඇතැයිද ඇය පවසන්නීය.

ඇය මේ වෙනුවෙන් ෆේස්බුක් පිටුවක්ද ආරම්භ කර තිඛෙන අතර දැනටම එහි සාමාජිකයෝ 2000 ක් පමණ සිටිති.



අදහස් (0)

බත් හැළියේ අභියෝගය භාරතයේ

මංගල Tuesday, 26 August 2014 04:44 PM

බලාගෙන යනකොට ඉන්දියාවෙ ඉදල හිටලා ඉන්නවා අපේ වාහෙලාට වඩා මොලේ තියෙන උන්. (නදී)

:       0       0

උපාලි Wednesday, 27 August 2014 05:17 AM

අන්න බලන්න කොපමණ හොඳ වැඩක්ද. අපේ රටේ ඉන්න අයට නම් මොන තේරුමක් නැති උනත් සුද්ද අයිස් නැව නම් අපිත් නාන්න ඕන කියල තමයි ඉන්නේ. (නදී)

:       0       0

රුවන්තිකා Tuesday, 26 August 2014 06:00 PM

ගොඩක් හොද දෙයක් නේද? රැල්ලෙන් මිදිලා අලුත් දෙයක් කරන්නේ. (දී)

:       0       0

කරුපෙරුම Wednesday, 27 August 2014 06:51 AM

අනුන් කරන දේම හොදි කියාගෙන කරනවට වඩා තමන්ට ගැලපෙන විදියට කරාම මොකෝ, එ්කෙන් අනික වෙන්නෙත් යහපතක් නම්, අනික ලෝකේ හැමදෙයක්ම වගේ කොපි කරලා තමා තව අලුත් දෙයක් හැදුනේ, නැද්ද? (නදී)

:       0       0

ඉලේපෙරුම Wednesday, 27 August 2014 06:50 AM

මෙහෙම හාල් දීලා වේල් කිපයක බඩගින්න නැති කළ හැකියි. ඒත් මේවා ප්‍රශ්නවලට විසඳුම් නොවෙයි (නදී)

:       0       0

ජෝයි Tuesday, 26 August 2014 08:06 PM

ආසියාවේ රටවල් වලට කොපි කිරීමෙන් තොර ලොවක් නැද්ද? චිත්‍රපටි, ගීත, වෙබ් අඩවි වගේ. අනේ මන්දා... (නි)

:       0       0

උපුල් Wednesday, 27 August 2014 04:31 AM

කොපි කළාද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය. තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් කරන සමාජ සත්කාරයක් බවට එය යොදා ගැනීම තමයි වටින්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site