වඳවෙමින් යන පක්ෂියකු ලෙස නම් කර ඇති අප්‍රිකා පෙන්ගුයින් පක්ෂියෙකු දකුණු අප්‍රිකාවේ මැරීන් උද්‍යානයේ සිටියදී සොරකම් කරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සතුන් කූඩු කිරීමට විරුද්ධ යැයි කියන ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම පක්ෂියා සොරකම් කරගෙන ගොස් ඇතැයි කියති. “බඩී“ නම් එම පෙන්ගුයින් පක්ෂියා සොරකම් කර ඇත්තේ මීට සති තුනකට පමණ පෙර වුවත් ඒ බව දැනගෙන ඇත්තේ අද දින (28) මාසික පරීක්ෂණයේදීය.
එම පක්ෂියා උද්‍යානයේම ඉපදී, හැදීවැඩී ඇති නිසා බාහිර ජීවිතය ගැන කිසිම අත්දැකීමක් නැති බව උද්‍යාන බලධාරීහු පවසති. එම පක්ෂියාට තවත් දෙසතියකට වඩා වැඩි කලක් බාහිර පරිසරයේ ජීවත් වීමට නොහැකි යැයි ඔවුහූ පවසති. යහපත් චේතනාවෙන් වුවද ඒ ක්‍රියාව නිසා එම පක්ෂියාගේ ජිවිතය අනතුරට පත් වි අතැයි සත්ව විශේෂඥවරු කියති.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.