IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බෝට්ටුවක් ගිලීයෑමෙන් 20ක් මරුට

මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ගමන් කිරීමට උත්සාහ කළ සංකමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් ලිබියාවට නුදුරින් මුහුදේ ගිලී යෑමෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

ලිබියාවේ බටහිර, සුර්මාන් සිට පිටත්වූ දැවයෙන් නිපදවන ලද බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී තිබේ.

මෙය මෙම සතිය තුළ ලිබියානු වෙරළ තීරයේ අනතුරට ලක්වූ හතරවන සංක්‍රමණික බෝට්ටුවයි.

සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම සතිය තුළ මෙලෙස 100කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි.

දිවි ගලවාගත් අයගෙන් සමහරක් ඝානාව, නයිජීරියාව, ගැමිබියාව සහ බර්කිනා ෆාසෝ යන රටවලට අයත්ය.

දිවි ගලවාගත් අය කුම්ස් නගරයේ රඳවා සිටින අතර ඔවුන් නිදහස් කරන ලෙසත් ජාවාරම්කරුවන් අතට පත්වීම වැළැක්වීම සඳහා ආරක්ෂාව සපයන ලෙසත් ඕපන් ආර්ම්ස් කණ්ඩායම බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

මධ්‍යධරණී මුහුදේ ගලවාගැනීමේ කණ්ඩායම් නොමැතිවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහල යන බවද ඔවුහු පවසති.

සංක්‍රමණිකයන් දහස් ගනනක් සෑම වසරකම අප්‍රිකානු රටවල සිය යුරෝපය කරා සංක්‍රමණය වන බවත් ගමනේ පවතින දැඩි අනතුරුදායක බව හේතුවෙන් වැඩි පිරිසක් මියයන බවත් ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

බෝට්ටුවක් ගිලීයෑමෙන් 20ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site