පසුගිය ඔක්තෝබර් මාසයේදි අබ්රා ෆහාඩ් නම්  විශ්වවිද්‍යාල සිසුවා ඝාතනයකිරීම සම්බන්ධයෙන් සැකපිට 25දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බංගලාදේශ පොලිසිය පවසයි.

ෆහාබ් 21 හැවිරිදි සිසුවකු වන අතර, රජයේ ප්‍රතිපත්ති සම්බන්ධව විවේචනාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරය කිරීම හේතුවෙන් ඔහු ඝාතනය කරන්නට ඇතැයි පැවසේ.

බංගලාදේශයේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් අමානුෂික ලෙස පහරදීමෙන් ෆහාඩ් ඝාතනය කරනු ලැබූ බව සඳහන් විය.

මෙම සිද්ධියත් සමග බංගලාදේශය පුරා විශ්වවිද්‍යාල සිසුහු දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කළහ.

අත්අඩංගුවටගත් 25දෙනාගෙන් 11දෙනකු චෝදනාවලට සෘජුවම සම්බන්ධ බව පොලිසිය පවසයි. අනෙක් අය ප්‍රහාරය සැලසුම් කිරීමට සම්බන්ධ වී ඇත.

චෝදනා ලැබූ සිසුන්ගෙන් වැඩිදෙනකු බංගලාදේශයේ පාලක අවාමි ලීගයේ චත්‍රා ලීගය නමින් හැඳින්වෙන තරුණ සාමාජිකයින් බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

සිසුන්ට හිංසා පැමිණවීම සහ කප්පම් ගැනීම සම්බන්ධව මෙම කණ්ඩායමට පුළුල් ලෙස චෝදනා එල්ලවී තිබේ.

(බීබීසි ඇසුරිණි - 085)