වයඹදිග පාකිස්තානයේ පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට ඊයේ (7) බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අතර දේශපාලන අපේක්ෂකයකු ඇතුළු 10 දෙනෙක් ඊට බිලිවූහ. 15 දෙනෙක් තුවාල ලැබූහ.
පුපුරා ගියේ කාර් බෝම්බයකි. බෝම්බයේ ඉලක්කය වූයේ ජමියාත් උලමා ඊ ඉස්ලාම් පක්ෂයේ දේශපාලන රැලියකි. ප‍්‍රහාරයෙන් මියගියේ එම පක්ෂයේ අපේක්ෂක සයේඞ් ජාන්ය. පිපිරීම සිදුවුණේ හන්ගූ නමැති නගරයේය.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එය තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් නොව, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ ගැටුමක් යැයි පොලිසිය අනුමාන කරයි. පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වෙන්නේ මෙම 11 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් පුවතක් (නි)