පසුගියදා පකිස්තානයේ පෙෂාවර් ප‍්‍රදේශයේ පාසලකට එල්ල කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාරය සැළසුම් කළ මහමොළකරු පැය ගණනාවක් තිස්සේ සිදුවූ වෙඩි හුවමාරුවක් අවසානයේ මරුදුටු බව පකිස්තාන ආරක්ෂක අංශ කියයි.

සදාම් ජාන් ලෙස හඳුන්වාදී තිබෙන මේ පුද්ගලයා තලේබාන් සංවිධානයේ ඉහළ පෙලේ නායකයෙකු බව සදහන්ය.පකිස්තාන ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු වලට අනුව ප‍්‍රහාරය එල්ල වේලාව,එය එල්ල විය යුතු ආකාරය ආදී සියලූදේ සැළසුම් කර ඇත්තේ ඔහුය.

වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේ ඔහු හා සිටි තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තුවාළ ලබා සිටි ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇත.

පෙෂාවර් ප‍්‍රහාරයන් පාසැල් ළමුන් 132 නෙකු ඇතුලූ 150 කට ආසන්න සංඛ්‍යාවක් මියගියේය.එය පකිස්තාන ඉතිහාසයේ දරුණුතම ත‍්‍රස්ත ප‍්‍රහාරය ලෙස සැළකෙන්නකි.

ප‍්‍රහාරයෙන් පසු ත‍්‍රස්තයින් සම්බන්ධ නීති රීති තවත් දැඩි කිරීමට රජය කටයුතු කළේය.එහි ප‍්‍රතිඵලයක් ලෙස මරණ දඩුවම නැවත වරක් බලාත්මක කෙරුණු අතර සිරගත කර සිටි ත‍්‍රස්ත නායකයෝ බොහෝ දෙනෙක් එල්ලා මරා දමනු ලැබූහ.

දැන් ත‍්‍රස්තයින් එයට පළිය ගන්නා බව සපථ කර තිබේ.ප‍්‍රහාරයක් එල්වේදෝයි පකිස්තාන ආරක්ෂක අංශ සිටින්නේ දැඩි අවධානයෙනි.

2429E71200000578-2887445-image-a-103_1419600775445