ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින චීවර පූජාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
චීන සහ වියට්නාම දායකයෝ මෙවර එහි දායකත්වය දැරූහ.
මහා සංඝරත්නයට සාංඝික දානය පිරිනැමීමෙන් පසු කඨින චීවරය රැගත් පෙරහර වීදි සංචාරය කළේය.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නා හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැති පිංකමට මානම්පිට අමිත, මාපලගම ජිනානන්ද , අතලේ සුමන , කැන්දවින්නේ රාහුල , කැම්පනේ අනුරුද්ධ හිමිවරුද සහ බංගලිදේශ හිමිවරු තෙනමක් ද වැඩම කළහ.
ප්‍රංශයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාවක් ද, තුවාල ලැබූවන් වෙනුවෙන් සෙත් පැතීමක් ද සිදු විය.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය අයට මේ පින් අනුමෝදන් වේවා...! පැරිසියේ ලාංකිකයන් ඉන්නේ බොහෝ අල්ප ප්‍රමාණයකි. පැරිසියේ යයි කියා ගන්න ශ්‍රීලාංකිකයන් ඉන්නේ පැරිස් සීමාවෙන් පිට නිසා රාත්‍රී සිදුවූ ප්‍රහාර වලින් ඔවුන්ට හානියක් සිදු නොවුනි.(ම)
අනේ මන්දා ;පැරිසියේ කටින පිංකම් ,මළවුන්ගේ පිංකම් වැහි වැහැල .කෝකටද යන්නේ ? කෝකටද නොයන්නේ ? කියලා හිතා ගන්න බැරුව ඉන්නේ .කට්ටිය තරඟෙට පිංකම් කරනවා .ඔහොම ගිහින් පැරීසියේ ලාංකිකයෝ ඔක්කොම පිං වැඩිවෙලා පැරිසියේ ශ්‍රිලාංකිකයෝ නැතුව යයි .ඒක නිසා මම නොයන්න තීරණය කළා (බ)
අනේ පිටිගල, දන්නේ නැති දේවල් නොකියා ඉන්න (නි)
පිටිගල මහත්මයා කොහොමද පැරිස් වල ඉන්න සිංහල මිනිස්සු ගැන දන්නේ? අනික ඔබ කොහොමද කියන්නේ පැරිස් වල සිංහල මිනිස්සු ජීවත්වෙන්නේ නැහැ කියලා? නොදන්නා දේවල් නොකියා ඉන්න මහත්මයා (නි)
පින්කමක් දුටුවහම බලා එයින් පින් අනුමෝදන් කරගන්න අයේෂා (නි)