වෙසක් පුන් පොහොය සනිටුහන් කරමින් ප්‍රංශයේ  ථෙරවාදී සහ මහායාන බෞද්ධ විහාරස්ථානයන්හි විවිධ පින්කම් පැවැත්විණි.

මේ අතර පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගියදා වෙසක් පිංකම ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැනක් දෙමින් විචිත්‍රවත් අන්දමින් පැවැත්වුණු බව විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ කියති.

පැරිස් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, යුරෝපිය සහ ආසියා ජාතික බොදු සැදැහැවතුන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ පිංකමට උදය වරුවේ පිණ්ඩපාත චාරිකාවක් ද ඇතුළත්  විය.

සවස්වරුවේ වැඩසටහන ආරම්භ වුයේ විහාරස්ථානය වෙත අලංකාර පෙරහරකින් සධාතුක කරඬුව වැඩම කර වීමෙනි. ප්‍රංශයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති ශෝභනී ගුණසේකර මහත්මියගේ මුලිකත්වයෙන් බුදුදහම පිළිබඳව මණ්ඩපයක්  ද විය.

මහගම සුනීත හිමියෝ තෙසැත්තා ඤාන පුජාවක් පැවැත්වුහ. ශ්‍රී ලාංකික සැදැහැවතුන් විසින් බොදු බැති ගී වැඩසටහනක් ද ඉදිරිපත් කෙරුණි.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද ,  ඔලිඳළුවේ සිරි වීභූති , ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ අමුණුමුල්ලේ ජිනරතන හා පුවක්ගහකොටුවේ ඉන්ද්‍රජෝති  හිමිවරු මේ පිංකමට වැඩම කළහ.

IMG_1689_[1600x1200][1] IMG_1729_[1600x1200][1] IMG_1822-[1600x1200]---Copie---Copie IMG_1835-[1600x1200]---Copie---Copie IMG_1839-[1600x1200]---Copie---Copie IMG_1871-[1600x1200]---Copie---Copie IMG_1917-[1600x1200]