ප‍්‍රංශයේ මාර්සෙයිල් සහ සොල්ස් රොන් අතර මාර්ගයක ගමන් කරමින් තිබූ සංචාරක බස් රථයකට එල්ලවූ වෙඩි ප‍්‍රහාරයකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ස්පාඤ්ඤයේ සිට චෙක් රාජ්‍යට ගමන් කරමින් තිබු එම බස් රථයේ පාසල් දරුවන් ඇතුළුව චෙක් සංචාරකයින් 75 දෙනෙකු ගමන් කර ඇත.
පළමුවෙන් වෙඩි දෙකක් ඉදිරිපස සහ පසුපස ජනෙල් වීදුරු වලට එල්ල වී තිබේ.
තුවක්කුකරු දඩයමට යොදාගන්නා අවියක් භාවිතා කරන්නට ඇතැයිද පාලමක් උඩ සැගවී මෙම ප‍්‍රහාරය එල්ල කර ඇතැයිද පොලිසිය පවසයි.
තුවාලකරුවන් අතර කුඩා දරුවකුද වේ.
ප‍්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර කිසිවෙකුත් අත්අඩංගුවට ගෙනද නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑවට වඩා මානව දයාව මානව හිමිකම් නොදන්නා මුග්දයන්ට ප්‍රදානය කරන්න ගියාම හැම බටහිර රටකටම වෙන්නේ මේ දෙයම තමා.(ම)