IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රංශ කතුන්ට පඩි නැතිව වැඩ කරන්න වෙලා

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

ස්ත්‍රී හා පුරුෂ  වැටුප් විෂමතාව ඉවත් කර සැමට සමානව සැලකීය යුතුය යනුවෙන්  මේ දිනවල ප‍්‍රංශයේ සමාජ කථිකාවක් ඇරඹී ඇත. එය විරෝධතා උද්ඝෝෂණ ආදිය පසු කරමින් වර්තමානයේ පාර්ලිමේන්තු හා සෙනට් සභා ගර්භය දක්වා පැමිණ ඇත.

නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය යන මුලික මිනිස් අයිතිවාසිකම් දක්වා වර්ධනය වී ඇතත් එහි විශේෂත්වය වන්නේ ප්‍රංශයේ ජාතික උදෘත පාඨය බැවිනි.

මෑත අතීතයේදී ප‍්‍රංශයේ ජාතික අධ්‍යාපනය, සෞඛ්‍ය රාජ්‍ය සේවය හා දේශපාලනය ආදිය සඳහා කාන්තා නියෝජනයේ සැළකිය යුතු වර්ධනයක් සිදුවී තිබේ.

මෙවර ප‍්‍රංශ පාර්ලිමේන්තුවට මහජන කාන්තා නියෝජිතවරියෝ 224 ක් තේරී සිටිති.  එසේ නමුදු ප‍්‍රංශයේ කාන්තාව හා පිරිමියාට හිමි මාසික වේතනය හෙවත් මාසික වැටුප  එක සමාන අගයක් නොපවතී.

ඔවුන්ගේ මාසික සමස්ත වැටුපේ සාමාන්‍ය අගයට අනුව ගණනය කළ හොත් ප‍්‍රංශ කාන්තාව නොවැම්බර් 3 වැනි දා උදේ 11.44 සිට දෙසැම්බර් 31  රාත‍්‍රී 12 දක්වා සේවය කරන්නේ වැටුප් රහිතවය.

ලක්සම්බර්ග් මුලිකව ක‍්‍රියාත්මක ප‍්‍රජා මට්ටමේ සංඛ්‍යාන තොරතුරු පිළිබඳ යුරෝපා කොමිසම හා ජිනීවා හී පිහිටි ලෝක ආර්ථික සංසඳය විසින් කළ නිරීක්ෂණයන්ට අනුකූලව ප‍්‍රංශයේ දී කාන්තා හා පිරිමි වැටුප් අතර පරතරය වර්ෂ 2016 දී 15.1%ක් වන විට වසර 2017 දී එය 15.8%ක් දක්වා ඉහළ ගොස් ඇත. 

ප‍්‍රංශයේ කාන්තා සහ පිරිමි අතර සාමාන්‍ය වැටුප් පරතරය යුරෝ 494කි. එනම් රුපියල් අසූ අටදහසක් පමණ වේ. මෙම ප‍්‍රතිශත අනුපාත මේ අයුරින් පැවතුණ හොත් ප‍්‍රංශයේ කාන්තා හා පිරිමි වැටුප එක සමාන වීම සඳහා වසර 297ක් ගත වන බව විද්වතුන් සාක්ෂි සහිතව පෙන්වා දෙති.

මේ හේතුකොට ප‍්‍රංශ වැඩ කරන කාන්තාව නොවැම්බර් 3 වැනි දා සිට දෙසැම්බර් 31 දක්වා නොමිලේ සේවය කරන බව ගණිත ක‍්‍රමයට අනුව ඔප්පු කර තිබේ.    

මේ තත්ත්වය මත ප‍්‍රංශයේ විවිධ කාන්තා සංවිධාන  පැරීසිය හා විවිධ නගර හා ස්ථානවල වැඩ වරමින් උද්ඝෝෂණද පවත්වන ලදී.

කාන්තා සහ පිරිමි සම අයිතිය පිළිබඳ ලෝක ආර්ථික සංසඳය විසින් රටවල් 144ක් යොදා ගෙන කළ පරීක්ෂණවලට අනුව සමස්තයක් ලෙස කාන්තා සම අයිතිය ස්ථාපිත කළ රටවල් අතරින් බටහිර යුරෝපයේ රටවල් ඉතා හොඳ මට්ටමක පවතී. එය උතුරු ඇමෙරිකාවට වඩා යහපත්ය. උතුරු අප‍්‍රිකාව හා මැදපෙරදිග රටවල ඉතාමත් පහළ මට්ටමක පවතින බව එම සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙයි.

ජී 20 රටවල් අතරින් පිළිවෙලින් මහ බි‍්‍රතාන්‍ය, කැනඩාව දකුණු අප‍්‍රිකාව, ආර්ජන්ටිනාවට වඩා ඉහළ ස්ථානයක ප‍්‍රංශය සිටින අතර එය 17 වැනි ස්ථානය හිමි කරගෙන ඇත.

වර්ෂ 2006දී ප‍්‍රංශය 70 වැනි ස්ථානයේ සිටියේය. මෙම ශ්‍රේණි ගත ලැයිස්තුවේ ප‍්‍රධාන ස්ථාන ස්කැන්ඩිනේවියානු රට වලට හිමිවන අතර අයිස්ලන්තය, නොර්වේ, පින්ලන්තය, ස්වීඩනය අනුපිළිවෙලට ලැයිස්තුවේ ප‍්‍රමුඛයෝ වෙති. අප‍්‍රිකාවේ රොවන්ඩාව ප‍්‍රථම දහදෙනා අතරට අයත්වේ.

ඇමෙරිකාවේ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පවතින අඩු කාන්තා නියෝජනය හේතුවෙන් ඇමෙරිකාවට 49 වැනි ස්ථානය හිමිවේ.

‘මම කැමතියි කාන්තාවට වැඩි අවස්ථාවන් ලබා දෙන්න. ඒ විතරක් නොවේ; මම කැමතියි කාන්තාවක් අගමැති වෙනවා නම්.’ ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් මහතා විසින් පසුගියදා ප‍්‍රසිද්ධ සාකච්ඡාවකදී ඉහත ප‍්‍රකාශය කළේය. අද ප‍්‍රංශය තුළ කාන්තා සම අයිතිය ප‍්‍රධාන දේශපාලන විෂයක් වී ඇති බව ජනපති ප‍්‍රතිචාරය තහවුරු කරන්නේය.



අදහස් (2)

ප්‍රංශ කතුන්ට පඩි නැතිව වැඩ කරන්න වෙලා

Nandalal DE SILVA - France Wednesday, 22 November 2017 10:34 AM

ඕක ප්‍රංශයේ නව රජය අපහසුතාවයට පත් කිරීමට ගොතපු කතාවක් කියන අයත් ඉන්නවා !!!

:       1       1

pushpasiri alvis paris Thursday, 23 November 2017 09:47 AM

වෙන්න බැහැනේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 652 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 319 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site