ප්‍රංශයට පනවා තිබූ හදිසි තත්ත්වය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කරන බවත් ත්‍රස්තවාදයට එරෙහිව සටන ශක්තිමත් කරන බවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රංශ ජනපති ෆ්‍රාන්සුවා ඕලන්ද් පැවසුවේය.
ප්‍රංශයේ ජාතික (බැස්ටීල් දිනය) දිනයේ නීස් නුවර පැවැති උත්සවයකට කඩා වැදුණු ට්‍රක් රථයක් පුද්ගලයින් 80 කට ආසන්න සංඛ්‍යාවක් මරා දැමීමේ සිදුවීමෙන් පසු ප්‍රංශ ජනපතිවරයා මෙම පියවර ගත්තේය.ප්‍රංශයට පනවා තිබූ හදිසි නීතිය ලබන 26 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.
ට්‍රක් රථය පදවා ඇති පුද්ගලයා ටියුනීසියා සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයකු බවත්, ඔහු ත්‍රස්තවාදී ස්වරූපයකින් කටයුතු කර ඇති බවත් ඕලන්ද් වැඩිදුරටත් කියා සිටියේය.
ට්‍රක් රථයට හැපී පුද්ගයින් 50 කට ආසන්න සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැයිද ඔවුන්ගෙන් 18 දෙනකුගේ පමණ තත්ත්වය බරපතල යැයිද වාර්තාවේ.
ප්‍රහාරය පසුපස ඇත්තේ අයි.එස් අන්තවාදීන් යැයි සැකයක් ඇතත් මේ දක්වාම ප්‍රහාරයේ වගකීම කිසිවකුත් භාරගෙන නොමැත.
පසුගිය වසරේ ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 130 දෙනකු මියගොස් 400 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
COMMENTS
මාස 8 කට ප්‍රධාන ප්‍රහාර තුනක්. පහුවුණු කාලයම ආරක්ෂක අංශ අනතුරක් වුණවිට, දැඩිව කටයුතු කරයි. ටික කාලයකින් සියල්ල අවසාන යයි සිතයි. ත්‍රස්තවාදය ගැන ඔවුන්ට තවම හරි අවබෝධයක් නැත. (නි)
ඉක්මන් වී, අප රටේ දැන් ත්‍රස්තවාදයක් නැතැයි කියන අයට මේවා හොඳ පාඩම්. අවුරුදු 30 කට පසු උතුරට යාමට ලැබුණු අවස්ථාව මඟහැර නොගෙන, ආරක්ෂාව ගැන ඉතා විමසිල්ලෙන් කටයුතු කළොත් උතුරේ සිට දකුණටත් එක හා සමානව, පාලකයන් වැඩ කළොත්, රටක් විදිහට ඉදිරියට යා හැකියි. පාට පක්ෂ කුමක් වුණත් මෙය දේශපාලකයාගේ යුතුකම හා වගකීමයි. තාවකාලිකව ඔවුන් සැප වින්දත් ජනතාවගේ ශාපය නැවැත්විය නොහැක (නි)
සුසන්ත, ඔබ ලියූ දෙය ඉතා නිවැරදියි. එ්ත් අපේ සමහරක්ට තවම නොතේරෙයි. වෙනත් විදිහකට සිංහලයා බේද කර,රට බෙදීමේ අරමුණ වේගයෙන් ඉදිරියට යයි. (නි)
සුසන්ත, අපි විඳි දුක ඔවුනුත් විඳින්නන ඕනෑ කියලා ඔයාට කියලා දුන්නේ කවුද? (නි)
ඇයි මේ අය හදිසි නීතිය දීර්ඝ කළේ?අපිට කිව්වේ එ්ක අයින් කරන්න කියලනේ. දැන් තේරෙනවා ඇති රඟේ ත්‍රස්තවාදයේ. මිනිස්සු ගැන දුකයි. එ්ත් මේ රටවල් ත්‍රස්තවාදයේ රස බලන්න ඕනෑ. එතකොට තේරෙයි අපි අවුරුදු 30ක් වින්ද දුක. (නි)