ප්‍රංශයේ වැඩි කරන ලද ඉන්ධන මිලට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිස් පැරිස් නගරයට ඇතුළු වීමට නියමිත සෙනසුරාදා දිනයේ දී අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා වසා තැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
89000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සේවයට කැඳවා ඇති අතර සන්නද්ධ රථ ද ස්ථාපිත කර ඇති බව ප්‍රංශ අගමැති පවසයි.
නගරයේ කඩ සාප්පු සහ අවන්හල් වසා දමන ලෙසද පොලිසිය දැනුම් දී ඇත.
විරෝධතාකරුවන් විසින් පසුගිය දිනවල සිදුකල ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙම ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිනි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd