පැරිස්හිදීය (ඒ.එෆ්.පී)
කෘමිනාශක භාවිතය තහනම් කිරීම සඳහා පියවර ගන්නා බව ප්‍රංශය නිවේදනය කරයි. මතභේදාත්මක ග්ලයිෆොසෙට් රසායනය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටද ප්‍රංශ රජය පියවර ගෙන තිබේ.
යුරෝපයේ විශාලතම ආහාර නිෂ්පාදකයා වන ප්‍රංශය 2022 වසර වනවිට ග්ලයිෆෝසෙට් භාවිතය සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇතැයි ප්‍රංශ රජයේ ප්‍රකාශක ක්‍රිස්ටෝෆ් කැස්ටනර් අද (25) ප්‍රකාශ කළේය. ග්ලයිෆෝසෙට් නිසා පිළිකා ඇති වන බව සොයා ගැනීම මෙම තහනම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
එමෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ ධුර කාලය අවසන් වනවිට සියලුම කෘමිනාශක වර්ග භාවිත කිරීම නවතා දැමීමට ඉලක්ක කර ඇතැයි ද ප්‍රංශ රජයේ ප්‍රකාශකයා පැවැසීය.
ග්ලයිෆෝසෙට් යනු ලොව වැඩියෙන්ම භාවිත වන වල්නාශක පහ අතුරින් එකකි. එය නිෂ්පාදනය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂි රසායන දැවැන්තයකු වන මොනසැන්ටෝ සමාගමයි.
ග්ලයිෆෝසෙට් රසායනයට ලබා දී තිබෙන බලපත්‍රය තවත් වසර දහයකින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබෙන අතර එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රංශය සඳහන් කරයි.
මෙම රසායනය භාවිත කිරීම තහනම් කිරීම සඳහා මේ වනවිට මිලියන 1.3 දෙනකු පෙත්සමකට ද අත්සන් තබා තිබේ.
ග්ලයිෆොසෙට් පිළිකා ඇති කරන්නක් වශයෙන් වර්ගීකරණය නොකළ යුතු බව යුරෝපා සංගමයේ රසායන ආයතනය පෙන්වා දුන්නද එය නියත වශයෙන්ම පිළිකා ඇති කරන්නක් බව විද්‍යාඥයෝ සහ පරිසරවේදීහූ පෙන්වාදෙති.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදිත රටවලින් ලැබෙන වාසි නිසා මෙහෙ තීරණ ගන්න අයට මේක හොඳ පාඩමක්. ඔන්න බටහිර අය එපා කියනවා. තවත් සාක්කි ඕනෙද මේ වස තහනම් කරන්න. තේ වලට වස දැම්ම නිසා අපේ තේ කර්මාන්තය ලෝක වෙළඳපලින් විසි වේවි.
දියුණු රටවල් බොහොමයක් මේ රසායනිකය තහනම් කලත් අපේ රටේ ඉන්න උගත් යයි කියන සමහර අය කියන්නේ ඒකෙ අනිත්පැත්ත. මට හිතෙන්නෙ ඒ කට්ටිය ඖෂධ මාෆියාවට අහුවෙලා අපිට වින කරන්න හදනවා. එගොල්ලගේ සාක්කු පිරෙනවා ඩොලර් වලින්...! බලධාරීන් නිහඬ ඇයි...?
අයි මේ කවුරුත් ග්ලයිෆොසෙට් ගැන කමෙන්ට් නොකරන්නේ...? ජාත්‍යන්තර කෘෂි රසායන මාෆියාවට යට වෙලාවත්ද...?