IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාර්ලිමේන්තුවේ බහුතරය මාලදිවයින නව රජය සමඟ

මාලදිවයිනේ නව ජනපති මොහොමඞ් වහීඞ් විසින් පත් කරනු ලැබූ නව කැබැනට් මණ්ඩලය එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ වී ඇත. ආරක්ෂක අංශ සමඟ කුමන්ත‍්‍රණය කර බලයේ සිටි ජනපති මොහොමඞ් නෂීඞ් නෙරපා දැමුවේ යැයි චෝදනා ලැබ සිටින ජනපති වහීඞ්ට, පාර්ලිමේන්තුවේ සහාය පළ වීම ඔහු ලැබූ ජයග‍්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හමුදා කුමන්ත‍්‍රණයකින් තමා බලයට පත් වූ බවට එල්ල වන චෝදනා ජනපති වහීඞ් තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ජනපති වහීඞ් විසින් පත් කරනු ලැබූ නව කැබිනට් මණ්ඩලයට විශ්වාසය තහවුරු කිරීමට පෙරේදා (25) ඡන්දය විමසා බැලූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 77 දෙනාගෙන් 45 දෙනෙක් සහාය පළ කරමින් ඡුන්දය දුන්හ. හිටපු ජනපති නෂීඞ්ගේ නායකත්වයෙන් යුත් මාලදිවයින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය එම ඡන්ද විමසීම වර්ජනය කළේය.



අදහස් (0)

පාර්ලිමේන්තුවේ බහුතරය මාලදිවයින නව රජය සමඟ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site