ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය කුමන ආකාරයේ චෝදනා එල්ල කළත් පරමාණු බෝම්බ නිපදවීමට ඉරානයට තවම ශක්තියක් නැතැයි ජගත් ආයුධ පාලන සංවිධානයක් සහතික වෙයි. ඇමෙරිකාවේ ස්ථාපිත එම ජගත් ආයුධ පාලන සංවිධානය ලෝකයේ ආයුධ පරිහරණ කටයුතු ගැන නිරන්තරයෙන් විමසිලිමත් වන රාජ්‍ය නොවන ආයතනයකි. ”ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සාර්ථකයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒත් ප්ලූටෝනියම් යොදා ගනිමින් පරමාණු බෝම්බයක් සෑදීමට තරම් ඉරානයට තවමත් ශක්තියක් නැහැ, තාක්ෂණයක් නැහැ” යැයි ජගත් ආයුධ පාලන සංවිධානයේ ප‍්‍රධානී පීටර් කේ‍්‍රයිල් පවසයි. ඉරානය හිතුවක්කාර ලෙස න්‍යෂ්ටික වැඩකටයුතු සිදුකරන බවට ඇමෙරිකාව චෝදනා කරන්නේ වසර ගණනාවක සිටය. එහෙත් ඉරානය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි. ඉරානය තරයේ කියා සිටින්නේ ඔවුන් රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් න්‍යෂ්ටික බලාගාර පවත්වාගෙන යන බවය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සහාය දෙන්නේ රුසියාවය. මේ අතර ඉරාන හමුදාව සතුව දිගු දුර මිසයිල කිසිවක් නැති බවද රුසියානු ආරක්ෂක අමත්‍යාංශය පවසයි. ඉරානය පසුගියදා දින 10 ක් තිස්සේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යුද අභ්‍යාසයක් පැවැත්වීය. ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම යුද අභ්‍යාසයේදී තමන් කිලෝ මීටර් 200 ක් ඈතට විදිය හැකි ‘කාඬේර්’ සහ ‘නූර්’ නමැති මිසයිල දෙකක් අත්හදා බැලූ බව ඉරාන හමුදාව කියා සිටියේය.
2025 නොවැම්බර් මස 21
173
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පරමාණු බෝම්බ හදන්න ඉරානයට ශක්තියක් නැහැ