ඔලිම්පික් කී‍්‍රඩා සමාරම්භක උළෙලේදී, තම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන්ට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදුන්නේ යැයි ලන්ඩන් ඔලිම්පික් සංවිධායක කමිටුවට ඉන්දියාව දොස් පවරයි. ඉන්දීය බලධාරීන් මෙසේ දොස් පැවැරුවේ පසුගිය 27 වැනිදා පැවැති 2012 ලන්ඩන් ඔලිම්පික් සමාරම්භක උළෙලේදී, ඉන්දීය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන් සමඟ  නාඳුනන කාන්තාවක ගමන් කිරීමේ සිද්ධියක් මුල් කොට ගනිමින්ය. රතු ටී ෂර්ටයකින් සහ නිල් කලිසමකින් සැරසුණු එම කාන්තාව තම කණ්ඩායමේ නිලධාරියක හෝ කී‍්‍රඩිකාවක හෝ නොවන බවත් ඇය කවුරුන්දැයි තමන් නොදන්නා බවත් හිටිහැටියේ පැමිණි ඇය තම කණ්ඩායම සමඟ ගමන් කිරීම බරපතළ ආරක්ෂක ගැටලූවක් බවත් ඉන්දීය ඔලිම්පික් කමිටුව වෙනුවෙන් මුරලිදරන් රාජා පවසයි. ඔලිම්පික් කී‍්‍රඩාංගනයට රැස්ව සිටි දහස් ගණනකගේ ඔල්වරසන් මැද ඉන්දීය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන් ගමන් කරද්දී ඔවුන් වෙත පැමිණි එම කාන්තාව ඉන්දීය ධජය රැගෙන කණ්ඩායමේ ඉදිරියෙන් ගමන් කළ සුසිල් කුමාර්ට කිට්ටු වී ඔහු  සමඟ ගමන් කළාය. ඉන්දීය කණ්ඩායම සමඟ එම කාන්තාව ගමන් කරන අයුරු සජීවීව ලොව පුරා විකාශය විය. ”ඉන්දීය ඔලිම්පික් කණ්ඩායමට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් නොලැබුණු බව පැහැදිලියි. පිටස්තර අයකු ඉන්දීය කී‍්‍රඩකයන් සහ නිලධාරීන් සමඟ ආරම්භක උළෙලේදී ගමන් කළා. ඇය කවුද කියලා අප දන්නේ නැහැ. අපේ කණ්ඩායම සමඟ ඇවිද යන්න ඇයට කොහෙත්ම අයිතියක් නැහැ. මුළු ලෝකයම ඉදිරියේ ඇය අපට ලැජ්ජා කළා. ඒ ගැන ඔලිම්පික් කමිටුව අපෙන් සමාව ගත යුතුයි.” යැයි ඉන්දීය ඔලිම්පික් කමිටුව පවසයි. ඇය කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති නමුත් ඇය ඉන්දීය හෝ ලතින් ඇමෙරිකානු සම්භවයක් ඇති තැනැත්තියක බව ඉන්දීය ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් කියා සිටී. ඉන්දියාවෙන් ලැබෙන චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් ඔලිම්පික් කමිටුව කියා සිටියේ සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලන බවය. ‘නාඳුනන’ කාන්තාව (වමේ) ඉන්දීය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සමග ඇවිද යමින්...