IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පරික්ෂණවලදී රුසියා-ඇමෙරිකා සබඳතා ඇපයට නොගත යුතුයි

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
රුසියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණයට මැදිහත් වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ‘දේශපාලන ක්‍රීඩාවක්’ බවත් ඊට ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින සබඳතාවලට මැදිහත්වීමට ඉඩ නොදිය යුතු බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 
 
වසර 2016 පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රුසියාව ඊට මැදිහත් වූ බවට චෝදනා කරමින් විශේෂ නීතිඥ රොබට් මුලර්ගේ ප්‍රමුඛත්වයෙන් පරීක්ෂණයක් සිදු කෙරේ. 
 
ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමයේ දී රුසියානු බුද්ධි නියෝජිතයන් 12 දෙනකු ඩිමොකටික් පක්ෂයේ පරිගණකවලට අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කර ඇතැයි සඳහන් කරමින් රොබට් මුලර් පසුගිය සතියේදී චෝදනා ද ගොනු කළේය.
  
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම දින තුනකට පෙර, ‘ෆොක්ස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා එම කරුණු පවසා තිබේ. 
 
රොබට් මුලර් රුසියානු බුද්ධි නිලධාරීන්ට චෝදනා කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිතිවරයාගෙන් විමසා ඇති අතර එහිදි හෙතෙම ඉහත කරුණු පවසා තිබේ. ඔහු එහිදි මෙසේ ද පවසා තිබේ. 
 
“ඒ ගැන මම අවධානය යොමු කරන්නේ නැහැ. එය ඇමෙරිකාවේ අභ්‍යන්තර දේශපාලන අරගලයේ කොටසක්. මං ගැන පොඩ්ඩක්වත් වේලාව නාස්ති කරන්නේ නැහැ. අවධානය යොමු කරන්නේත් නැහැ. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර දේශපාල ක්‍රීඩාවක්. එසේ වුවත් ඇමෙරිකාවේ අභ්‍යන්තර අර්බුදවලට ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින සබඳතාවලට මැදිහත්වීමට ඉඩ නොතැබිය යුතු” යැයි පරිවර්තකයකුගේ සහාය ඇතිව ජනාධිපති පුටීන් පවසා ඇත. 
 
එම පරීක්ෂණවලදී ඇමෙරිකාව සහ රුසියාව අතර සබඳතා ඇපයට නොගත යුතු යැයි ද පුටින් සඳහන් කර තිබේ. 
 
 
055
 



අදහස් (0)

පරික්ෂණවලදී රුසියා-ඇමෙරිකා සබඳතා ඇපයට නොගත යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 118 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 970 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2576 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site