IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පියා ඝාතනය වූයේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාර නිසයි

තම පියාගේ ඝාතනයට හේතුවූයේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාරයන් බවත්, ෆේස්බුක් වැනි ආයතන මෙවැනි ප්‍රචාරනයන්ට ඉඩ ලබානොදිය යුතු බවත් ඇමරිකා එක්සත් ජනපදයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින් ලූතර් කිංගේ දියණිය වන බර්නිස් කිං පවසයි.

ඇය මෙසේ කියා සිටියේ සමාජ මාධ්‍ය විසින් දේශපාලන දැන්වීම්වල තොරතුරු තහවුරු කරගැනීම නොකළ යුතුයැයි ෆේස් බුක් ප්‍රධානියා පසුගියදා සිදුකල කථාවකට පිළිතුරු වශයෙනි.

දේශපාලන දැන්වීම් හා කථා වලට ලබාදෙන ප්‍රවේශය සම්බන්ධයෙන් ෆේස්බුක් දැඩි තර්ජනයට ලක්ව සිටින අවස්ථාවක එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් තම ආයතනය ආරක්ෂා කරගනිමින් එහිදී අදහස් පලකර ඇතැයි සඳහන් වේ.

එහිදී ෆේස්බුක් ප්‍රධානියා මාර්ටින් ලූතර් කිංගේ නම දෙවරක් සඳහන් කර ඇත.

ටෙනිසි ප්‍රාන්තයේ මෙම්ෆිස්හි දී 1968 වර්ෂයේ අප්‍රේල් 04 දින ඝාතකයෙකුගේ වෙඩි උණ්ඩයකින් මාටින් ලූතර් කිං මිය ගියේය.  

"දේශපාලකයන් විසින් දියත් කරන වැරදි තොරතුරු හේතුවෙන් මුහුණ දෙන අභියෝග වඩාත් හොඳින් තේරුම් ගැනීමට ෆේස්බුක් ආයතනය වෙත උදව් කිරීමට මම කැමතියි. මගේ පියාගේ ඝාතනය සඳහා වාතාවරණයක් නිර්මාණය කළේ මෙවැනි වැරදි තොරතු ප්‍රචාරක ව්‍යාපාරයන්." යනුවෙන් බර්නිස් කිං පවසයි.

සිය සමාගම සුළුතර මතයන්ට ඉඩක් ලබාදිය යුතු බවට සකර්බර්ග් තර්ක කල අතර නිදහස් කථනය සඳහා අධිකරණයේ ආරක්ෂාව ද ලැබෙන බව පවසා ඇත.

විශ්වසනීයත්වය තීරණය කළ යුත්තේ ජනතාව මිස තාක්ෂණික සමාගම් නොවන බවද ඔහු එහිදී පවසා ඇත.
කෙසේවුවද කිංගේ දියණියගේ ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර ඇය සමග මෙම සංවාදය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

පියා ඝාතනය වූයේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරක ව්‍යාපාර නිසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site