ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ පිහිටි සත්ත්වොද්‍යානයක පෙන්ග්යින් රැදවියෝ මේ දිනවල අයිපෑඩයන් භාවිතා  කරති.

ඔවුන්ට සපයා දී තිබෙන අයිපෑඩය එක් ක්‍රිඩාවක් තිබෙන අතර එම කී‍්‍රඩාවේ යෙදීමට ඔවුහු ඉතා උනන්දුය.

එම කී‍්‍රඩාවේ අභියෝගය අයිපෑඩයේ තිරයේ දුවන මීයෙකු අල්ලා ගැනීම වේ.පෙන්ගුයින්ලා ඔවුන්ගේ හොට වලින් තිරය තැන් තැන්හි ස්පර්ෂ කරමින් අභියෝගය ජයගැනීමට තැත් කරති.

ඔවුන් මේ කී‍්‍රඩාවට කෙතරම් ඇලී ගැලී සිටින්නේද යත් ඔවුන්ට ආහාර ගැනීමට පවා ඇතැම් විට අමතක වන බව සත්ත්වෝද්‍යාන සේවකයෝ කියයි.

සත්ත්වෝද්‍යානයේ සාරා මෙන්ඩල් පවසන්නේ මෙම කී‍්‍රඩාව බළලූන් මුල් කරගෙන නිපදවා තිබෙන්නක් බවයි.අත්හදා බැලීමක් ලෙස පෙන්ගුයින් සතුන්ටත් එහි යෙදීමට අවස්ථාව ලබා දුන් බවත් ඔවුන්ද උද්යෝගීමත් ලෙස එහි යෙදෙන බව දැකගත හැකිවූ බවත් ඇය කියයි.

246FFC9200000578-2897908-image-a-9_1420497668890