රුසියාවේ වත්මන් අගමැති මෙන්ම එලැඹෙන වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පෙරේදා (24) යළිත් වරක් මොස්කව් නුවරදී දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. දස දහස් ගණනින් සහභාගී වූ එම විරෝධතා රැලිය සංවිධානය කර තිබුණේ රුසියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. රුසියාවේ මහ මැතිවරණය පැවැත්වූයේ ඉකුත් 4 වැනිදාය. එම මැතිවරණය දූෂිත බවටත් අක‍්‍රමිකතා රැුසක් සිදුවූ බවටත් අගමැති පුටින් සහ ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව්ට ජනතාවගෙන් සහ විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ පුටින් සහ මෙඞ්වදේව්ගේ එක්සත් රුසියා පක්ෂයයි. එහෙත් ඔවුන්ට බහුතර බලය හිමිකර ගැනීමට හැකි නොවිණි. එම මැතිවරණයෙන් පසුව ද රුසියාවේ මොස්කව් ඇතුළු ප‍්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. මේ අතර සෝවියට් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මිහායිල් ගොර්බචොව් ඊයේ (25) ව්ලැඩිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටියේ ජනතා විරෝධයට කන් දී අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසටය. ලබන වසරේදී පැවැත්වෙන ජනාධිපති- වරණයට ඉදිරිපත් නොවන්නැයි ද ගොර්බචොව් ඉල්ලීමක් කර තිබේ. ”සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු රුසියාවට ශක්තියක් වුණේ පුටින්. ජනපති ධුරයේ සිටිද්දී ඔහු ශක්තිමත් නායකයකු වූ බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. මා පුටින්ගෙන් ඉල්ලා සිටිනවා වසර 12 ක් තිස්සේ කළ සේවය වෙනුවෙන් ලැබුණු හොඳ නමට කැළැලක් වීමට ඉඩ නොදී වහාම අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කියා” යැයි හිටපු ජනපති ගොර්බචොව් පවසයි. වසර 20 කට ඉහතදී ගොර්බචොව්ට ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදුවූයේ ද ඔහුට එරෙහිව ජනතා අප‍්‍රසාදයක් ගොඩ නැගීමෙනි.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුටින්ට එරෙහිව යළිත් මොස්කව් නුවර විරෝධතා