පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා ව්‍යාජ ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන ඇත.
2008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා ජනාධිපතිවරයා ලෙස සේවය කළ සර්දාරි මීට පෙරදීද අල්ලස් චෝදනා මත සිරගතව සිටි පුද්ගලයෙකි.
අසීෆ් අලි පකිස්ථානයේ හිටපු අගමැති බෙනාසීර් භූතෝගේ ස්වාමිපුරුෂයා වන අතර බෙනාසීර් ඝාතනය වීමෙන් පසු ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ව්‍යාජ බැංකු ගිණුම් සම්බන්ධව පවත්වන ලද පරීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ එම ගිණුම් වලට රුපියල් මිලියන ගණනින් පොම්ප කර ඇති බවයි.
මේ සම්බන්ධව 2015 වර්ෂයේ සිට පරීක්ෂණ සිදුකරන බව බලධාරීහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.