IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පකිස්තාන රූපවාහිනී නාලිකාවකට වෙඩි

පකිස්තානයේ කරච්චි නුවර විරෝධතාකරුවන් පිරිසක්  එරට ආරි නම් රූපවාහිනී නාලිකාවේ ගොඩනැගිලි වලට සහ එහි කාර්ය මණ්ඩලයට වෙඩි තබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස්  කිහිප දෙනෙක් තුවාල ලැබූහ.ප්‍රහාරය මුටාහිඩා ව්‍යාපාරයේ ආධාරකරුවන් පිරිසක් විසින් එල්ල කරන්නට ඇති බව  පොලිසිය සැක කරයි. ඔවුන්  සිදු කළ විරෝධතාවය  ආවරණය නොකිරීම නිසා එම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.

මුටහිඩාවරුන්ට කරච්චි ප්‍රදේශයේ විශාල බලයක් ඇති බව  මාධ්‍ය වාර්තා කරයි. එම ව්‍යාපාරයේ  නායකයකු වන අල්තාෆ් හුසේන් විරෝධතාවයට අණ දුන් බවත් ඉන් විනාඩි දහයක් ඇතුලත සියල්ල සිදු වූ බවත් එම නාලිකාවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.   විරෝධතාකරුවන් ඒ අසල පොලිස් මුරපොළකට ද පහර දී ඇත.

ප්‍රහාරයෙන් වාහන කිහිපයක් ද ගිනිගෙන විනාශ වී තිබේ. විරෝධතාවය සාමකාමී ලෙස පැවතුන බවත් පොලිසිය මුලින් වෙඩි තැබූ නිසා විරෝධතාකරුවන් ද වෙඩි තැබූ බවත් මුටාහිඩා හි ප්‍රකාශකයකු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.



අදහස් (0)

පකිස්තාන රූපවාහිනී නාලිකාවකට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site