ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණයෙන් නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය ජයග‍්‍රහණය කරනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් හෙළි වී ඇත.
පාකිස්තානයේ අගමැති ධුරය හෙබවූ ෂරීෆ්, පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සම්බන්ධයෙන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බවට තලේබාන්වරුන් අනතුරු අඟවා ඇති අතර මේ වනවිටත් පාකිස්තානයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් වාර්තා වේ.
ඉකුත් 4 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවර අසීසාබාද් ප‍්‍රදේශයේ මුටාඩියා අල් කුවාමී පක්ෂ කාර්යාලය අසල අධිබලැති බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් කුඩා දරුවන් දෙදෙනකු ද ඇතුළුව 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තලේබාන් සටන්කාමීන්ගේ ඉලක්ක වී ඇති දේශපාලන පක්ෂ වන්නේ මුටාඩියා අල් කුවාමී, අවාමි ජාතික පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂයයි.
පාකිස්තාන රජය පවසා ඇත්තේ මැතිවරණ කටයුතු ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂ 6 ක හමුදා සහ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවය.
|
හිටපු අගමැතිවරයකු වන නවාස් ෂරීෆ් |
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාකිස්තාන මැතිවරණය 11 වැනිදා: නවාස් ෂරීෆ්ට ජය හිමිවන ලකුණු
අනුර Tuesday, 07 May 2013 12:50 AM
කවුරු ආවත් බෝම්බ පුපුරනවනේ. ආදර්ශයක් ගන්න අපේ රටෙන්... (නි)