IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාකිස්තාන භූ කම්පනයෙන් පසු අරාබි මුහුදේ දුපතක් මතුවෙලා

හතලිස් හය දෙනකුට මරු කැඳවමින් පෙරේදා (24) සවස පාකිස්තානයේ බලූකිස්තාන ප‍්‍රාන්තය කැළැඹූ අති ප‍්‍රබල භූකම්පනයෙන් පසු, අරාබි මුහුදේ ග්වඩාර් වෙරළ තීරයට ඔබ්බෙන් කුඩා දුපතක් දකින්න ලැබෙන බව භූ විද්‍යාඥයෝ පවසති.

ග්වඩාර් වෙරළ තීරය පිහිටා ඇත්තේ, බලූකිස්තාන ප‍්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුද ආශි‍්‍රතවය.

භූමි කම්පාවක් යනු පෘථිවි අභ්‍යන්තරයේ ඇති භූ තැටි එකිනෙක ගැටීමය. ප‍්‍රබල භූමි කම්පා හටගන්නා ඇතැම් අවස්ථාවලදී පස් තට්ටු ඉහළට මතුවීම ස්වභාවික කි‍්‍රයාවලියකි.

මීට වසර 60 කට පෙර ද මේ අයුරින්ම අරාබි මුහුදේ කුඩා දුපතක් ජලයෙන් ඉහළට මතු වුණු බවත් ටික කලයකට පසු එය යළි මුහුදු පතුළට කිඳා බැස ගිය බවත් භූ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

බලූකිස්තාන ප‍්‍රාන්තයේ හටගත් එම භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7 ක් යැයි සඳහන් විය. භූමි කම්පාවේ හේතුවෙන් පාකිස්තානයේ ප‍්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චියේ ගොඩනැගිලි පවා දෙදරා යන්න විය. කරච්චි වැසියෝ මහත් සේ බියට පත් වූහ.  

භූමි කම්පාවේ ප‍්‍රබලත්වය ඩුබායි සහ ඉන්දියාවේ නවදිල්ලි නුවරට පවා දැනුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

භූමි කම්පාව හටගත්තේ පාකිස්තාන වේලාවෙන් සවස 4.29 ට පමණය. පිටිසරබඳ ගම්මාන රැසක නිවාස භූමි කම්පාවෙන් මුළුමනින්ම විනාශයට පත් වුණේ යැයි එරට මාධ්‍ය වාර්තා කියා සිටී. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 20 ක් ගැඹුරින් බව ද වාර්තා විය.
 



අදහස් (0)

පාකිස්තාන භූ කම්පනයෙන් පසු අරාබි මුහුදේ දුපතක් මතුවෙලා

දම්මි Thursday, 26 September 2013 01:23 PM

කවුද දන්නේ මැණික් ඉල්ලමක් ද කියලා හොයලා බැලුවෙත් නරකද (අ)

:       0       0

නීල් රණා Thursday, 26 September 2013 09:59 AM

මේ අලුතින් මතුවුණු දූපත වගේම ලංකාවට වයඹ දිගින් ඈත, අත්ලාන්තික් සාගරයේ යුරෝපා අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි තමුන්ම මහා යැයි කියාගන්නා බ්‍රිතාන්‍ය දූපතුත් නිකන්ම නිකන් මඩ ගොඩක් පමණක් බව වටහා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. (ස)

:       0       0

සදරූ Sunday, 29 September 2013 03:24 PM

අපිට මොකෝ අනේ අපේ ගේ ගාව මතු උනා නම් මොකක් හරි කරන්න තිබ්බා.(නදී)

:       0       0

මාගරි Thursday, 26 September 2013 10:18 AM

ලෝක සාමය කඩ කරන ,තැන තැන ගැටුම් ඇති කරන අන්තවාදීන් ටික ඔය දුපතට දැම්ම නම් හරි අරාබියවටත් කිට්ටුය් නේ.(අ)

:       0       0

දිල් Thursday, 26 September 2013 10:21 AM

අපේ කච්චතිව් දුපතත් වෙන තැනකින් මතු උනානම් ප්‍රශ්න ඉවරයි (අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 362 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2160 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site