IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන ජනපති සර්දාරි ඉන්දියාවේ එක්දින සංචාරයක

පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරී, දැඩි රැකවල් මැද පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (8) ඉන්දියාවට පැමිණි අතර, නවදිල්ලි අගනුවරදී අගමැති මන්මෝහන් සිං හමුවී දිවා භෝජන සංග‍්‍රහයකට ද එක් වූයේය. පාකිස්තාන ජනාධිපති සර්දාරී, ඉන්දියාවට පැමිණියේ නවදිල්ලියට නිරිතදිගින් පිහිටි මුස්ලිම් දේවස්ථානයක් වන්දනාමාන කිරීමේ අරමුණින්ය. 2005 වසරෙන් පසු පාකිස්තාන ජනපතිවරයකු ඉන්දියාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි. එක් දින සංචාරයකට ජනාධිපති සර්දාරී ඉන්දියාවට පැමිණෙන බව ඉකුත් සතියේ දැනුම් දීමත් සමඟ ඔහු සාදරයෙන් පිළිගැනීමට පමණක් නොව දිවා භෝජන සංග‍්‍රහයකට ආරාධනා කිරීමට ද ඉන්දීය අගමැති මන්මෝහන් සිං තීරණය කළේය. පාකිස්තාන ජනපතිවරයා ඉන්දීය අගමැති සිං හමුවූයේ ඒ අනුවය. රාජ්‍ය නායකයන්ගේ එම කෙටි හමුව දෙරටටම ඉතා වැදගත් බවත් ඉන්දු/පාකිස්තාන සබඳතා ශක්තිමත් කරගැනීමට එය හේතු වනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මෙය පාකිස්තාන ජනපතිගේ පෞද්ගලික සංචාරයක් මෙන්ම ආගමීක සංචාරයක් බවත් රාජ්‍යතාන්ති‍්‍රක කටයුතු ගැන සාකච්ඡුා පැවැත්වීමට කාලවේලාවක් ලැබුණේද යන්න සැක සහිත යැයි  ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ වසර අගදී පාකිස්තානයේ සංචාරයක් සඳහා පැමීණීමට පාකිස්තාන ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිවරයාට, මෙම සංචාරය අතරතුර ඇරියුම් කරනු ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය. ඉන්දීය සංචාරය සඳහා පාකිස්තාන ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා, එරට අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මාන් මලික් ඇතුළු නියෝජිත පිරිසක් පැමිණි බව වාර්තා වේ. ඉකුත් වසරේ, පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානී ඉන්දියාවට පැමිණියේය. ඒ, ලෝක කුසලාන කි‍්‍රකට් තරගය නැරැඹීමටය. එම අවස්ථාවේදී ද ඉන්දු/පාකිස්තාන සබඳතා තර කර ගැනීමේ අරමුණින් අගමැති ගිලානී, ඉන්දීය අගමැති සිං හමුවී සාකච්ඡුා පැවැත්වීය. එම හමුව ඵලදායී වුවත් 2008 වසරේදී ඉන්දු/පාකිස්තාන සබඳතා මුළුමනින්ම අඩපණ විය. ඒ, පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා ඉස්ලාමීය සටන්කාමීන් මුම්බායි නගරයට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය. මුම්බායි ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප‍්‍රහාරයෙන් පසු පාකිස්තාන ජනපති සහ අගමැති, ඉන්දීය අගමැති සිං හමුවූයේ විදෙස් රටවලදී ඉන්දියාවත් පාකිස්තානයත් සහභාගී වූ උත්සව සහ සමුළු අතර මැදදීය. දෙරට අතර ඇති ‘විරසකය’ අවසන් කිරීමටත්, ද්වීපාර්ශවික සබඳතා තර කර ගැනීමටත් එම අවස්ථාවලදී සාකච්ඡුා පැවැත්වුණු නමුත් ඒවා ඵලදායී නොවිණි. පාකිස්තානු ජනපති අසිෆ් අලි සර්දාරි ඊයේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවූ අවස්ථාව



අදහස් (0)

පාකිස්තාන ජනපති සර්දාරි ඉන්දියාවේ එක්දින සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 144 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 225 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1084 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site