පාකිස්තානයේ සංචාරය නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 දී එල්ල වූ ප්‍රහාරය මෙහෙය වූ බව කියන පාකිස්තානයේ ලෂ්කාර් ඊ ජාන්ග්වී අන්තවාදී කල්ලියේ නායක මලීක් ඉෂාක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය බව පාකිස්තාන පොලිසිය කියයි.
ඇමෙරිකාව විසින් සකස් කැරුණු ත්‍රස්තවාදී ලැයිස්තුවේ මලීක් ඉෂාන්ගේ නම ද ඇතුළත් වී ඇත.
මලීක් ඉෂාක් ඔහුගේ තරුණ පුතුන් දෙදෙනා සහ තවත් 11 දෙනකු පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකට මැදි වුණු බවත් එහිදී මලීක් ඉෂාක් වෙඩි වැදී බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත් වුණු බවත් වාර්තා විය.
ලාහෝරයේදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd