IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාකිස්තානය නැවත ගොඩනඟන්න එක්වන්න: හිටපු අගමැති ෂරීෆ් සියලූ පක්ෂවලින් ඉල්ලයි

න්‍යෂ්ටික බලය සතු නමුත් ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින පාකිස්තානය නැවත ගොඩනැගීමට එක්වන්නැයි තමා රටේ සියලූ පක්ෂවලින් ඉල්ලා සිටින බව හිටපු අගමැති නවාස් ෂරීෆ් පෙරේදා(11) පැවැසීය.

පාකිස්තාන මහමැතිවරණයේ නිල නොවන ප‍්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින හිටපු අගමැති නවාස් ෂරීෆ් ලාහෝර් නුවර මුස්ලිම් ලීග පක්ෂ මූලස්ථානයේදී ජනතාව අමතමින් මෙසේ පැවැසීය. 

හැටතුන් හැවිරිදි වියේ පසුවන දෙවතාවක් පාකිස්තාන අගමැතිවරයා ලෙස කටයුතු කළ නවාස් ෂරීෆ් මෙවර මැතිවරණයේදී ඉදිරියෙන් සිටින බව නිල නොවන මැතිවරණ ආරංචිමාර්ග පෙන්වාදෙයි.

‘‘පාකිස්තානය මුහුණපා සිටින බරපතළ ගැටලූවලට විසඳුම් සෙවීමට සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස මා රටේ සියලූ පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ත‍්‍රස්තවාදය මැඬලීම හා ආර්ථික අර්බුදයට වහාම විසඳුම් සෙවීම අවශ්‍යයි.’’ යනුවෙන් හිටපු අගමැතිවරයා ජනතාව අමතමින් කියා සිටියේය. 

එම නිල නොවන වාර්තා සඳහන් කළේ ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ජාතික රාජ්‍ය සභාවේ සමස්ත ආසන 272න් 115ක් ලබා ඉදිරියෙන් සිටින බවයි. දෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයයි. ඒ ජාතික රාජ්‍ය සභාවේ ආසන 30ක් හිමිකර ගනිමිනි. 

මෙවර මැතිවරණයේදී ජාතික රාජ්‍ය සභාවට  අමතරව කයිබර් පටුන්ක්වා, පන්ජාබ්, සින්ද් හා බලූකිස්තාන් යන පළාත් සභා සඳහා ද නියෝජිතයන් තෝරා ගැනේ. 

 

නවාස් ෂරීෆ් ජනතාව අමතමින්...
 
මුස්ලිම් ලීග පක්ෂ මූලස්ථානය  ඉදිරිපිටට රැස්වූ ජනතාව

 



අදහස් (0)

පාකිස්තානය නැවත ගොඩනඟන්න එක්වන්න: හිටපු අගමැති ෂරීෆ් සියලූ පක්ෂවලින් ඉල්ලයි

ලලිත් Monday, 13 May 2013 04:06 PM

ත්‍රස්තවාදය දුරලන්න සියලු ආසියාවේ රටවල් එකතු විය යුතු බවත් අවට උඩගෙඩි දෙන බලවත් රටවල් සමග සිමා සහිතව ගනුදෙනු කිරීමට පෙලගැස්විය යුතු බවත් පෙන්වා දීමද වැදගත් නේද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site