පාකිස්තානයේ පෙෂවෝර් නුවර පැවැති ‘අවාමි ලීගයේ’ දේශපාලන රැලියකට පෙරේදා (16) සවස මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 50 කි.
පාකිස්තාන මහ මැතිවරණය ලබන 11 වැනිදා පැවැත්වෙයි. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද වර්ධනය වී ඇත.
මැතිවරණ රැලි ඉලක්ක කර ගනිමින් මීට පෙර අවස්ථා තුනකදී ද බෝම්බ ප‍්‍රහාර හා වෙඩි තැබීම් සිදුවිය.
පෙරේදා සවස ‘අවාමි ලීගයේ’ දේශපාලන රැලියට එල්ල වූ එම බෝම්බ ප‍්‍රහාරයෙන් එහි නායක ගුලාම් අහ්මෙඞ් අනූනවයෙන් දිවි ගලවා ගත්තේ යැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd