IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පකිස්තානයට දීමට නියමිත ඩොලර් මිලියන 300 ක යුද ආධාර අවලංගු කෙරේ

වොෂින්ටන්හිදීය (රොයිටර්)

පාකිස්තානයට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 300 යුද අරමුදල් අවලංගු කිරීමට එක්සත් ජනපද හමුදාව තීරණය කර ඇත.

සටන්කාමීන්ට එරෙහිව ස්ථීර පියවරක් ගැනීමට පාකිස්තානය අසමත් වී ඇති බව චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස පාකිස්තානයට අරමුදල් ලබාදීම අවලංගු කර ඇත.

මේ පියවරත් සමඟ දෙරට අතර තිබෙන සබඳතා තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පැවසේ. මේ වසර ආරම්භයේදී ද පාකිස්තානයට මූල්‍යාධාර ලබාදීම අත්හිටු වීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පාකිස්තානයට ලබාදුන් මූල්‍යාධාරවලින් කිසිදු ප්‍රගතියක් සිදු වී නැති බවත් එය හුදු බොරුවක් හා රැවටිල්ලක් යැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කළේය. 

අසල්වැසි ඇෆ්ගනිස්තානයේ වසර 17ක් මුළුල්ලේ දිග්ගැස්සෙන යුද්ධයට හේතුව පාකිස්තානය සටන්කාමීන්ට ආරක්ෂිත වාසස්ථානයක් වීම යැයි ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරයි. කෙසේ නමුත් පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. 

කෙසේ වෙතත් පාකිස්තානය ඔවුන්ගේ හැසිරීම වෙනස් කළහොත් නැවතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය දිනාගත හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු ප්‍රකාශ කළහ. 

(055)



අදහස් (1)

පකිස්තානයට දීමට නියමිත ඩොලර් මිලියන 300 ක යුද ආධාර අවලංගු කෙරේ

Bamunuarachchi Monday, 03 September 2018 01:05 PM

ඒ කාලේ අපට යුද ආයුධ සැපයුවේ පකිස්තානය අපි ඔබලාට සදා ණය ගැතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site