පළමු වැනි ෆ්‍රැන්සිස්   පාප්තුමෝ සිය ප්‍රථම පාස්කු දේව මෙහෙය  වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ඉතාලි බසින් අද පැවත්වූහ. දෙලක්ෂ පනස් දහසක් පමණ වූ කිතුනු බැතිමතුන් ඇමතූ පාප් වහන්සේ යුද්ධයෙන් පීඩා විදින ඊශ්‍රයලය,පලස්තීනය,සිරියාව වැනි රටවල් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කලේය.

 ද්වේශය ප්‍රේමයටත්, පළිගැනීම දයාවටත් පරිවර්තනය කළ යුතු කාලය එළඹ ඇති බවත් සෑම නිවසකටත්,සෑම පවුලකටත් , සෑම රෝහලකටත්, සෑම සිර ගෙයකටත් පාස්කු සුභ පැතුම ගෙන යා යුතු බවත් පාප් තුමෝ පැවසූහ.