ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ උමං දුම්රියවල,බස් රථවල, වීදිවල පසුගියදා ගමන් කළ ඇතැමකුට ඔවුන්ගේ කලිසම් ඇඳ ගැනීමට අමතකව ඇති බවක් පෙනිණි.
ඔවුහු සියලූදෙනා යට ඇදුම් වලින් පමණක් යටි කය ආවරණය කරගෙන සිටියෝය.
ඔවුන් දෙස විස්මයෙන් බැලූම් හෙළුවද ඔවුන්ට එය ගණනක් නොවීය.
ඇතැමෙක් උඩු කයට සම්පූර්ණ කාර්යාල ඇදුමින් සැරසී යටි කය යට ඇදුමකින් පමණක් වසාගෙන සිටියහ.
මෙය නිව්යෝරක් නගරයේ මෙන්ම ලොව පුරා ප්‍රධාන නගරවල වාර්ෂිකව සැමැරෙන අවස්ථාවකි.එය හැඳීන්වෙන්නේ කලිසම් නැති ගමන ලෙසය.
2002 වසරේදී ඉම්ප්‍රොව් නම් විනෝදාස්වාද කණ්ඩායමක් මුල්ම වරට දියත් කළ මේ කලිසම් නැති ගමනට එදා සහභාගීව සිටියේ හත් දෙනෙකු පමණක් වුවත් අද දිනයේ ඊට දහස් ගණනක් දෙනා සහභාගී වෙති.
හුදෙක් හාස්‍ය දනවන වැඩසටහනක් ලෙස ඉම්ප්‍රොව් කණ්ඩායම මෙය හඳුන්වාදුන්නද අද දිනයේ එය ලෝකය පුරාම සැමරෙන්නක් තරමට වර්ධනයව තිබේ.
කලිසම් නැතිව යන්නන්ට නීති රීති කිහිපයක්ද ඇත.අන් අයට බාධා වන සේ හැසිරීම තහනම්ය.කලිසම නැති වුවත් සාමාන්‍ය දිනයකදී මහමග ගමන් කරන ආකාරයට, කාර්යාලයේ වැඩකටයුතු කරන ආකාරයට වැඩ කටයුතු වල නිරත විය යුතුය.කලිසම නැතිය කියා වුවමනාවට වඩා නැටීමද නොකළ යුත්තකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අයිස් බාත් එක වගේ වෙයිද?(හේ)
වහගෙන ගියොත් කතා, පෙන්නගෙන ගියොත් කතා. විකාර මිනිස්සු (නදී)
දෙවෙනි ෆොටෝ එක (නදී)
මේක මහා දෙයක් හැටියට අපි කලබල උනාට එහෙ අයට මේක සුළු දෙයක්. බලන්නකෝ ඉන්න අනිත් මගීන් තමන්ගේ පාඩුවේ ඉන්න හැටි. ලංකාවේ කෙනෙක් ටිකක් කොටට ගවුමක් ඇඳන් ගියත් අනිත් අය කටවල් අැරගෙන ඉන්නේ (නදී)
ඇමරිකාවේ නියම නිරුවත මෙය නොවේද? (නි)
ලැජ්ජා වෙන්න ඕනෑ ඕවා බලා තෘප්තියක් ලබන අයයි (නි)
බලන්න පොඩ්ඩක් අපේ අයත් ඔතන ඉන්නවද කියලා.(හේ)
අනේ මෙහෙමත් රටක්.මේ අයට කොහොමත් ලැජ්ජ නෑනේ.(හේ)
නිරුවත ප්‍රධාන අදායම් මාර්ගයක් කරගෙන තිබෙන මේ රටවල් වලට මේක සුළු දෙයක්. හොඳ මිනිස්සුත් ඉන්නවා. මේ රටවල. ලෝකයේ වැඩිම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට හදන රට මේක. මේවා පුංචි දේවල් මේ රටවලට. (නි)
අපේ තිස්ස මහත්තයත් මෙතන ඉන්නවද බලන්න (නදී)
කොහොමත් මේ අය වෙරළේ ඉන්නේ තනිකරම නිරුවතින්නේ ඕක මොකද්ද? (ස)
මේ මොකක්ද මේ වෙන්නේ.(හේ)
හැම වෙරලේම ඉන්න බෑ ඉන්න පුළුවන් වෙරළවල් තියෙනවා. සීමා සහිතයි (නදී)
කොහොම නමුත් ඇමරිකන්කාරයාගේ කලිසම ගැළවෙන දිනය වැඩි ඈතක නොවේ. (නි)
මේකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. කැමැති කෙනෙක් කැමති දෙයක් අැදන් යනවා. හැබැයි අනිත් අයට වාතයක් වෙන්නේ නැතුව. ඉතින් ඕකට කෑගහන්න ඕනේ නැහැ (නදී)
ඇමරිකන් කාරයොත් ගොන් පාට් පුරුදු වෙලාද ? (බ)
අයියෝ, මෙයාලගේ කලිසම් ගැලවිලා හුඟක් කල් ! එ්ක මේ ඊයේ පෙරේදා වෙච්ච දෙයක් නෙමෙයි (නදී)