නොර්වේහි බර්ගන් නගරයේ දී යුරෝකොප්ටර් සුපර් පුයුමා වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

 යානයේ 13 දෙනෙකු සිට ඇති නමුත් හමුවී ඇත්තේ 11 දෙනකුගේ මෘත ශරීර පමණි.

ඔවුහු තෙල් නිධියක වැඩ කරන සේවක පිරිසක් වෙති.

යානගේ ගමන් කළ පිරිසෙන් 11 දෙනකු නෝර්වේ ජාතිකයන් වන අතර අනෙක් දෙදෙනා බ්‍රිතාන්‍ය හා ඉතාලි ජාතිකයෝ වෙති.

 ගුල්ෆ්ලක් සිට බර්ගන් දක්වා ගමන් ගත් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.  ගුවනේදීම යානයේ රොටරය යානයෙන් ගිලිහි සමබරතාවය නොමැතිව කඩාවැටුණු බව  ඇසින් දුටු අයෙකු ප්‍රකාශ කර ඇත.

යානය අඩි 2200ක් ඉහල සිට මුහුදට කඩා වැටි තිබේ.  එමෙන්ම එරට නිලධාරීන් මේ වන විට එම ගුවන් යානා වර්ගය භාවිතය තාවකාලිකව තහනම් කර තිබේ.