අත්අඩංගුවේ සිටි ජොර්දාන ජාතික ගුවන් නියමුවා ගිනි තබා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීන් කටයුතු කළ ආකාරය අනුකරණය කරමින් තම මිතුරාව ගිනි තබා මරණයට පත්කිරීමට යේමනයේ පාසල් සිසුන් කණ්ඩායමක් උත්සාහ කර තිබේ.
වයස අවුරුදු 7 ත් 10 ත් අතර වයස්වල පසුවන්නන්යැයි පැවසෙන මෙම පාසැල් සිසුන් පිරිස තම මිතුරාව ලීයෙන් තැනූ කූඩුවක සිරකර එය මතට පෙට‍්‍රල් වත් කර ගිනි තබා ඇත.
කූඩුවේ සිරව සිටි සිසුවාගේ වාසනාවට එතැනින් යමින් සිටි වැඩිහිටියෝ පිරිසක් මේ දැක වහාම ගින්න නිවාදමා ඔහුට රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ.බරපතල ගණයේ පිළිස්සුම් තුවාළ සිදුවී ඇති වුවද ඔහුගේ ජීවිතයට අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ජොර්දාන නියමුවා ඝාතනයට ලක්කෙරූ අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කිරීමට කටයුතු කළ අයිඑස් අන්තවාදීන් එම වීඩියෝවේ පෙනී සිටි සේ මෙම පාසැල් සිසුන්ද නායකයා,තුවක්කුකරුවන්,ඝාතකයා ආදී ලෙස තම තමන්ටද තනතුරු වෙන්කරගෙගන මේ මාරක සෙල්ලමේ නිරතව ඇති බවද සඳහන්ය.
අයිඑස් අන්තවාදීන් අනුකරණය කිරීමට කුඩා දරුවන් පෙළඹුනු පළමු අවස්ථාව මෙය නොවන අතර පෙර අවස්ථාවකදී යේමනයේම දරුවන් කණ්ඩායමක් ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමට අයිඑස් අන්තවාදීහු කටයුතු කළ අයුරු තමන් අනුකරණය කරනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කළහ.එම වීඩියෝවේ නම් අනුකරණය කිරීමක් විනා සැබෑමටම සිරකරුවන් මරාදැමිීමක් සිදුනොවුනි.
අයිඑස් අන්තවාදීත් තම ප‍්‍රචාරණ උපක‍්‍රමයක් කෙතරම් සාර්ථකව මෙහෙයවමින් සිටිනවාදැයි පෙන්වා දීමට මෙම සිදුවීම් හොඳ උදාහරණයන් බව ආරක්ෂක විශ්ලේෂකයින් කියයි.ඇමරිකාව ඇතුලූ බටහිර රටවල් අයිඑස් සංවිධානයේ ම්ලේච්ඡු බව ගැන කොතෙකුත් කීවද ඒවායින් අයිඑස් ගැතියන් තවත් වර්ධනය වීම විනා වෙන කිසිවක් සිදුව නොමැති බව ඔවුන් පෙන්වාදේ.
අයිඑස් සංවිධානය සමාජ වෙබ් අඩවිද තම මතය ප‍්‍රචාරය කිරීම සදහා ඉතාම සාර්ථකව යොදාගනිමින් සිටින අතර මෙම ඇතැම් සමාජ වෙබ් අඩවි වල ප‍්‍රතිපත්තීන් නිසා ඔවුන්ගේ එම ප‍්‍රචාරණ කටයුතු ව්‍යර්ථ කිරීම ඉතාම දුෂ්කරවී තිබේ.
යුධමය අතින්ද අයිඑස් සංවිධානය තව තවත් ශක්තිමත් වෙමින් සිටී.සාර්ථකව ප‍්‍රහාර එල්ල කිරීමට කුරදි සටන්කාමීන් ඇතුලූ අයිඑස් විරෝධී කණ්ඩායම් කටයුතු කරතත් ඒවා ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් උද්ගත වෙමින් ඇත.
පසුගිය අවස්ථාවලදී මෙන් හුදෙක් අවි හරඹයෙන් මෙම සටන ජයගත නොහැකි බව විශේෂඥයින් නිතරම පෙන්වා දෙන්නකි.අයිඑස් සංවිධානය විනාශ කිරීමට මුල් පියවර තැබිය යුත්තේ ඔවුන්ගේ ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයට පහර එල්ල කිරීමෙන් බව ඔවුන් පවසයි.



COMMENTS
ඔව් සංජීව මහත්තයෝ අපි එතකොට ඉපදිලා නෑ .මම අදහස් දැක්වුයේ මේ මාතෘකාවට අනුවයි.කවුරු කළත් වැරදි දේ වැරදියි.නමුත් කිසිදාක වැරද්දක් නොකළ කෙනෙක් සොයාගන්න නැහැ.එවිට සාපේක්ෂව වැරදි අඩුවෙන් කළ කෙනා හොඳ වෙයි.සමහරවිට ඔබ කිසිදාක වැරදි නොකළ කෙනෙක් වෙන්න ඇති.(දිල්)
ත්‍රස්තවාදය පිටු දැකීමට ලෝක නායකයින් එක් විය යුතුයි .මෙතන ඇත්තේ ජාතිවාද ආගම් වාද යන වචන වලට මුවාවූ ත්‍රස්තවාදයයි .අප රටෙත් ජය ගත්තේ ත්‍රස්තවාදය මිස ජාතිවාදය නොවේ .ලෝකයම මෙය තේරුම් ගත යුතුයි .(නදී)
සාමයේ පණිවිඩය ලොවටම පෙන්වල දැන් දරුවොත් ඒවා කරන්න පෙලඹිලා (බ)
ඔය රටවල මිනිස්සු ආගමකින් හික්මිලා නැහැ. . අපේ ළමයෙක් නම් සතෙක්ව වත් ඔය විදියට සෙල්ලමටවත් මරයිද? ලෝකේ විනාසය. (අ)
පොඩි එවුන් කියල බලන්න හොඳ නෑ එල්ලලා ගහන්න ඕනා. ආයේ ඔය වගේ සෙල්ලම් නොකරන්න. ගහලා වීඩියෝ පටියක් අන්තර්ජාලයට නිකුත් කරන්න ඕනා. එතකොට එ්ක බලල ළමයි හැදේවි. (නදී)
මේ ක්‍රමය වහා නැති කළ යුතුයි (නදී)
88/89 කාලේ වීඩියෝ ෆෝන් තිබුනා නම් අපේ අයගේ කෙරුවාවත් බලාගන්න තිබුණා.(නදී)
එහෙම කරන දරුවෝ ඉන්නෙත් ඒ වගේ රටවල්වලම තමයි. (ර)
ජාතිවාදයට විරුද්ධව ඔබ අද හඬ නොනඟන්නේ නම් ඔබගේ දරුවාද හෙට මෙයම කිරීම අරුමයක්ද? (නි)
රජීව් මහත්තයෝ. ඔයා 71 හිටිය නම් ඒ දවස්වල ඉදන්ම බලාගන්න තිබුනා. (නදී)
පුංචි අයගේ පුංචි ලෝකය විනාශ කරන්න හොඳ නෑ (දිල්)
මම මේ අයට කැමති නැහැ (නදී)
නැහැ මීට වඩා දේවල් ලංකාවේ සිදු උනා පන පිටින් විදුලිය තැටි වලට දමා බැදලා , පුළුස්සා දැම්ම හැටි අපිට අමතක වෙන ජාතියක් (නදී)