උතුරු දිග සුඩානයේ නයිල් ගඟ හරහා ගමන් කළ බෝට්ටුවක් ගිලී යෑමෙන් ප්‍රාථමික පාසලක දරුවන් 22දෙනකු පමණ මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ආරක්ෂක අංශ අතුරුදන්ව ඇති දරුවන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර රෝහල් සේවිකාවක ද ගංගාවේ ගිලී මියගොස් ඇතැයි පැවසේ.
ගඟ අසල පිහිටි කබ්නා නම් කුඩා ගම්මානයේ පාසල වෙත ගමන් කිරීම සඳහා ගංගාව තරණය කළ දරුවන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව බලධාරීහු පවසති.
ගඟේ සැඩපහර හේතුවෙන් එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති අතර එම අවස්ථාවේ 40ක පමණ පිරිසක් බෝට්ටුවේ ගමන් කරමින් සිට ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.