නියමුවන් නොමැතිව දුරස්ථ පාලකයක් ආධාරයෙන් කි‍්‍රයාකරවිය හැකි මගී ප‍්‍රවාහන ගුවන් යානයක් නිපදවීමට බි‍්‍රතාන්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
එහි පළමු පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කිරිමට හැකි වූ බව ඔවුහු කියති.මෙසේ නියමුවන් රහිත මගී ප‍්‍රවාහන ගුවන් යානාවක් නිපදවා ඇත්තේ ලොව ප‍්‍රථම වතාවට බවද සදහන්වෙයි.
පොළොවේ සිට හැසිරවෙන මේ ගුවන් යානය මෑත කාලයේදී කතා බහට ලක්වූ නියමුවන් රහිත ප‍්‍රහාරක යානා හෙවත් ඩ්‍රෝන යානාවන්හි කි‍්‍රයාකාරීත්වයට අනුව නිපදවා තිබේ.
වෙනසකට ඇත්තේ මෙහි ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව නොමැති වීමයි. සැබෑ ගුවන් යානයක නියමු කුටියේ සිටිනනියමුවාට ගුවන් යානයේ විවිධ පද්ධති වලින් තොරතුරු සැපැයෙනවා සේම මේ ගුවන් යානයත් පොළොවේ සිටින‘‘නියමුවාට‘‘ තොරතුරු සැපැයීම සපයයි.
ඒ ගුවන් යානයේ සවිකර ඇති විශේෂ සංවේදක ආධාරයෙනි..
කෙසේ වෙතත් මෙම නියමුවන් රහිත ගුවන් යානය තවමත් පවතිනුයේ පර්යේෂණ මට්ටමේය.මූලික පියාසර අභ්‍යාස වලින් බැහැර අයහපත් කාළගුණ තත්ත්ව වලදී පියාසර කරවීම්,හදිසි අවස්ථාවකදී
නියමු සහයෙන් තොරව ගුවන්තොටුපළකට ගොඩබැස්වීම්, ආදී අවස්ථාවන් වලදීද කි‍්‍රයාත්මක කළ හැකි වනසේ මෙය වැඩි දියුණු කළ යුතුව ඇති බව පර්යේෂකයන් පිරිස කියයි.පරීක්ෂණ කටයුතු සාර්ථක වුවහොත් ගුවන් ගමන් ඉතිහාසයේ නව පිටුවක් පෙරැුළෙන දිනය වැඩි ඈතක නොවන බව ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කුහක මිනිසුන් මෙය දකිනවිට පුරාජේරුකාර කතාවක් හරහා මෙය මෙසේ පහත් කරනවා ඇත." ඕවා සුද්දන්ට කලින් රාවණට තිබුනා" (නි)
ඒකත් එහෙමද? (නි)
බ්‍රිතාන්‍ය ජාතිකයින්,අපේ රටට දුම්රිය මාර්ග හදල, කෝච්චි දමල කරපු සේවය අගේ කරනවා බෙහෙවින්ම .! දුම්රිය නියමුවන් අලින්,මුවන්,ගොනුන් මෙන්ම වාහන හප්පලා මිනිසුනුනුත් මරනවා . එම නිසා කරුණාකරලා නියමුවන් රහිත කෝච්චි එන්ජින් ටිකක් වහාම හදල එවන්නකො පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පෙර !! (අ)
රාවනට රානි කියලා බිරිදක් හිටියේ නැහැ.(නදී)
නියමුවන් ඉඳලත් නිතර සිදුවන අනතුරු දෙකකම . මේවා අවොත් මොන වෙනවද දන්නේ නැහැ.(නදී)