නයිජීරියාවේ කාඩුනා පළාතේ පිහිටි කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගෙන පෙරේදා(17) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 101 දෙනෙක් තුවාල ලැබූහ. පැයක පමණ කාලයක් තිස්සේ මෙම බෝම්බ ප‍්‍රහාර එල්ල වී ඇති බවත් මෙම සිද්ධියත් සමඟ කි‍්‍රස්තියානි අන්තවාදී ජනකොටස් මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල නිරතවීමේ අවදානමක් මතුව ඇති බවත් එරට රජයේ ප‍්‍රකාශයෙක් පැවැසීය. දේවස්ථානවලට එල්ල වූ මෙම ප‍්‍රහාරවල වගකීම කිසිදු පාර්ශවයක් විසින් භාර ගෙන නොමැත. මීට සති කිහිපයකට පෙර නයිජීරියාවේ දේවස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම භාරගත්තේ එරට කි‍්‍රයාත්මක බොකෝ හරාම් සටන්කාමීන් විසිනි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd