නයිජීරියාවේ කිතුනු දේවස්ථාන තුනක් ඉලක්ක කර ගනිමින් නත්තල් දා (25 වැනිදා) බෝම්බ පුපුරා ගිය අතර පුද්ගලයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ ප‍්‍රහාරයන්ගේ වගකීම භාරගෙන ඇත්තේ නයිජීරියාවේ කි‍්‍රයාත්මක බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන්ය.
නත්තල් දින දේව මෙහෙයන්ට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කළ බව බොකෝ හරාම් සටන්කාමීහු පවසති.
බෝම්බ ප‍්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කළ ගණන 50 කට ආසන්න යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ජීවිත හානි රැුසක් සිදුවී ඇත්තේ අබූජා අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරින් පිහිටි මඩාලා කිතුනු දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙනි. එම ප‍්‍රහාරයෙන් මියගිය ගණන 18 කි.
බෝම්බය පුපුරා ගිය අවස්ථාවේදී දේවස්ථානය බැතිමතුන්ගෙන් පිරී තිබුණු බව ද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියි. පළමු බෝම්බය පිපිරී මිනිත්තු කිහිපයක් ඇතුළතදී ජොස් සහ ගඩාකා නැමැති නගරවල පිහිටි කිතුනු දේවස්ථානවල බෝම්බ පුපුරා ගොස් ඇත.
බෝම්බ ප‍්‍රහාරයන්ගෙන් පසු නයිජීරියාවේ ආගමික ගැටුම් යළිත් වරක් වර්ධනය වීමේ අවධානමක් ඇතැයි නයිජීරියානු බලධාරීහු බිය පළ කරති. පසුගිය වසරේදී ද මේ අයුරින්ම නත්තල් දා නයිජීරියාවේ කිතුනු බැතිමතුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරීම් සිදුවිය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.