අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටා ඇති නෙප්චූන් ග්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයකු සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයෝ පිරිසක් පෙරේදා (15) සමත්වූ බව ඩේලි මේල් පුවත්පත කියයි.
එම සොයා ගැනීමත් සමඟ නෙප්චූන් ග්‍රහයාට අයත් චන්ද්‍රයන් ගණණ 14 තෙක් ඉහළ යන බව ද විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන් හට මෙම ඉතා කුඩා චන්ද්‍රයා දකින්න ලැබී ඇත්තේ හබල් දුරේක්ෂයේ ආධාරයෙන් මීට වසර 10 කට පෙර නෙප්චූන් ග්‍රහයාගේ ගත් ඡායාරූප යළි පරීක්ෂා කරද්දීය.ඔවුන් පෙර ජායාරූප නැවත පරීක්ෂා කරද්දි එම ජායාරූප වල කළින් නොදුටු තිතක් දුටු බවත් එය පරීක්ෂා කිරීමේදී මෙම සොයාගැනීම කළ බවත් ඔවූහූ පවසති.මෙය අහම්ඹෙන් සිදුවුණු සොයා ගැනීමක් යැයිද ඔවුහු වැඩිදුරටත් පවසති.
එස්/2004 එන් 1 ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රයාගේ විශ්කම්භය ආසන්න වශයෙන් සැතපුම් 12 වන බවත් නෙපචූන් ග්රිහයාගේ සිට සැතපුම් 65,400ක් දුරින් මෙය පිහිටා ඇති බව විද්‍යාඥයෝ පවසති.මෙම චන්ද්‍රයා සාමාන්‍ය තරුවකට වඩා බොහෝ සෙයින් දීප්තියෙන් අඩු බවද විද්‍යාඥයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල තාම නේප්ටුන්ගේ හඳවල් ගැන හොයනවා, අපේ බුදු හාමුදුරුවන්ගේ කාලේ මීට වැඩිය ගොඩක් දුර තියෙන විශ්වය ගැන ගොඩක් දේවල් දැනගෙන හිටියා. (නි)
ඕකෙ වාතයයි, වතුරයි තියෙනවද දන්නේ නැහැ. දෙවු මිනිස් සැප කෙලවර එහෙවත් උපදින්න ප්‍රාර්ථනා කරන්න. ඒත් මෙහෙ කට්ටිය ඡන්දෙ ඉල්ලගෙන එහාටත් එයි. (නි)
ජනක, නාසා ආයතනයට ඒවා ගැන කියලා දුන්නා නම් හොඳයි නේද? හොඳ තනතුරකුත් ගන්න පුළුවන් වෙයි ඔයාට නාසා ආයතනයේ. (නි)