IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


නන්ගාර්හාර්හි කාර් බෝම්බ ප්‍රහාරයකින් 26ක් මරුට

කාබුල්හිදීය (රොයිටර්)
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නගරයක් වන නන්ගාර්හාර්හි තලේබාන් සහ ඇෆ්ගන් සන්නද්ධ බලකා ඉලක්ක කරගනිමින් එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 


තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ එක්ව ඊද් අල් ෆිතර් උත්සවය (රාමදාන්) සැමරීම සඳහා එක්ව සිටි අවස්ථාවකදී එම මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ සෙනසුරාදා (16) දිනයේදීය. 


රාමදාන් උත්සවය වෙනුවෙන් තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර සටන්විරාම කාලයක් ප්‍රකාශයට පත් කරන ලදි. මීට පෙර කිසිදු අවස්ථාවකදී එවැනි සටන් විරාමයක් ඇති කරගෙන නොතිබිණි. 


අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. ඔවුන්ගේ පුවත් සේවය වන ‘අමාක්’ පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම බාරගත් අයි.එස් සංවිධානය ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රහාරයේ ඉල්ලකය වූ බව ද සඳහන් කළේය. ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැතැයි තලේබාන් සංවිධානය ඒ අතරවාරයේදී ප්‍රකාශ කළේය. 


රාමදාන් උපවාසය අවසන් කරමින් ඊද් අල් ෆිතර් උත්සවය සැමරීම සඳහා තලේබාන් සටන්කාමීන් ආයුධ අත්හැර කාබුල් අගනුවරට සහ තවත් නගර කිහිපයකට පැමිණ සිටියහ. ඔවුහු ඇෆ්ගන් ආරක්ෂක අංශ එක්වෙමින් එකිනෙකා බදා ගනිමින් ආහාර පානාදිය බෙදාහදාගත් අතර සෙල්ෆි ඡායාරූප ද ගත්හ.  



- 055



අදහස් (0)

නන්ගාර්හාර්හි කාර් බෝම්බ ප්‍රහාරයකින් 26ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site