IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නීතීඥයා වැරහැලි ඇඳන් උසාවි එයි

චීනයේ නීතිඥවරු නිතරම හිරිහැර කිරීම්,අනවසර රඳවා ගැනීම් සහ සිරගත කිරීම් වලට බොහෝ ලෙස ලක්වෙයි. නමුත් මේ දිනවල ඉරුණු ඇඳුමින් සිටින නීතිඥවරයෙක්ගේ ඡායාරූපයක් චීනයේ දැඩි අවධානයට භාඡනය වී ඇත. එම ඡායාරූපයේ වූ ලියාන්ෂු නම් එම නීතිඥවරයාගේ කකුල සහ යට ඇදුම් පවා පෙනෙන ලෙස ඔහුගේ ඇදුම් ඉරා තිබුණි.කුයින්සු දිසා අධිකරණයේ සේවය කල ඔහුගේ ඇදුම ඉරා තිබෙන ලෙස පහර දී තිබෙන්නේ එම අධිකරණයේ සේවය කල පොලිස් නිලධාරීන් තිදෙනෙකි.

එම සිදුවීම සිදුවී තිබෙන්නේ එම අධිකරණයේ විනිසුරුතුමන් ද ඉදිරියේ වීම විශේෂත්වයකි. ඔහු ගුවාන්සි පළාතේ නැණින් දිස්ත්‍රික්කයේ අධිකරණයට ගොනු කළ නඩුවක් ප්‍රතික්ෂේප වීම පිළිබඳ සිදුකළ විමසීමක් දුරදිග යාමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් උසාවිය තුලදී නිලධාරීන් තිදෙනෙකු විසින් ඔහුට පහර දුන් බවත් ලියාන්ෂු සහ එතැන සිටි නීතිඥයන් පිරිසක් අධිකරණ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත. ඔහුට නව ඇඳුම් කට්ටලයක් එම නිලධාරීන් ලබා දුන් නමුත් ඔහුට ගත හැකි ක්‍රියාමාර්ගය ගැන සිතා එය ප්‍රතික්ෂේප කර තිබේ. පසුව ඔහු ඉරුණු කමිසයත් කලිසමත් සහ අධිකරණ ලියකියවිලිද රැගෙන අධිකරණ සංකීර්ණයේ ඉදිරිපස දොරෙන් එලියට පැමිණ තිබේ. එම අවස්ථාවේ ඔහුව ඡායාරූපගත කර තිබේ. ඔහුගේ ඉලක්කය වුයේ සෑම දිනකම චීනයේ නීතිඥයන්ට මුහුණ පෑමට සිදුවෙන අසාධාරණ හිරිහැර පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු කිරීමටය චීනයේ නීතිඥයන්ට සිදුවන හිරිහැර හා ප්‍රචණ්ඩ සිදුව්මි බොහොමයක් අසා ඇති නමුත් එවන් ක්‍රියාවක් තමාට සිදුවේ යැයි නොසිතු බවත් එම සිදුවීමෙන් තමා කම්පා වූ බවත් ඔහු බිබිසියට ප්‍රකාශ කර තිබේ. ඔහු අධිකරණය තුල නීති විරෝධී ලෙස පටිගත කරමින් සිටි බවත් එම නිසා ඔහුගේ ජංගම දුරකථනය ලබා දෙන්නැයි ඉල්ලු විට එය ප්‍රතික්ෂේප කල බවත් මේ සිදුවීම පිළිබද එම අධිකරණයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. චීන නීතිඥයන් මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරන අතර සැබවින් ම සිදු වුණු දේ තහවුරු කිරීමට අධිකරණය තුල සීසීටීවී දර්ශන ලබාදෙන මෙන් දහසක් පමණ චීන නීතිඥයන් පෙත්සමක් අත්සන් කර තිබේ. මෙම සිදුවීම වේදනාකාරී සිදුවීමක් ලෙස චීන නීතිඥ සංගමයේ සභාපති ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

නීතීඥයා වැරහැලි ඇඳන් උසාවි එයි

පිටබැද්දර ජයා Friday, 10 June 2016 01:42 PM

අපේ රටේ නම් ඉතින් පෙරේකදොරුවා අල්ලපු සේවාදායකයටනේ වැරහැලි අඳින්න වෙන්නේ. ඔන්න චීනෙයි අපෙයි වෙනස (නි)

:       0       0

උපාලි Thursday, 09 June 2016 06:09 AM

අනේ ලංකාවෙත් මෙහෙම වෙනවා නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site