පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු, පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා නේටෝ ගුවන් ප‍්‍රහාරයකින් ඝාතනය වීමේ සිද්ධියෙන් පසු, වසා දැමුණු නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කළහොත් පාකිස්තාන ඇමැතිවරුන් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවට, තලේබාන් සටන්කාමීහු ඊයේ (26) අනතුරු ඇඟවූහ. පාකිස්තාන තලේබාන්වරුන් එම අනතුරු ඇඟවීම කළේ, බිඳ වැටුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ පාකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානි අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදීය. නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේ විවාදයක් ද පැවැත්විණි. ජනපති ඔබාමා සහ පාකිස්තාන අගමැති අතර හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ දකුණු කොරියාවේ සෝල් නුවර න්‍යෂ්ටික ආරක්ෂක සමුළුව අතරතුරේදීය. ඉකුත් වසරේ ඇමෙරිකන් සහ නේටෝ හමුදා එල්ල කළ එම ගුවන් ප‍්‍රහාරයෙන්, මියගියෝ පාකිස්තාන/ ඇෆ්ගන් දේශ සීමාවේ පාකිස්තානයට අයත් ප‍්‍රදේශයේ හමුදා මුර පොළක සිටි පාකිස්තාන හමුදා සෙබළුය. එම ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් පාකිස්තාන රජය, එරට කරච්චි වරාය නගරයේ සිට කඳුකරය ඔස්සේ, දේශ සීමා හරහා, ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන යන සැපැයුම් මාර්ග සම්පූර්ණයෙන්ම වසා දැමීය. ඉන්පසු ඇමෙරිකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාකිස්තාන රජය අතර අවස්ථා කීපයකදී සාකච්ඡා පැවැතියද බිඳ වැටුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට නොහැකි විය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නේටෝ සැපැයුම් යළි ඇරැඹුවොත් බලාගෙනයි