IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට

බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර, උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයේ මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවෝ 483 දෙනෙක් ඊයේ (2) පොලිස් අත්අඩංගුවට පත්වූහ. විරෝධතාව සංවිධානය කර තිබුණේ බෙල්ජියම් සාම කි‍්‍රයාකාරීන්ගේ එකමුතුවක් වන ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයයි. විරෝධතාකරුවන් දහසකට වැඩි පිරිසක්, නේටෝ මූලස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළේ නේටෝ හමුදා ඇෆ්ගන් සහ ලිබියා අර්බුදයට මැදිහත්වන බවටත් න්‍යෂ්ටික යුද්ධයක් ඇරැඹීමට කටයුතු කරන බවටත් චෝදනා කරමිනි. ”කිසිම විරෝධතාකරුවකුට ගොඩනැගිල්ලට ඇතුළු වෙන්න ඉඩක් ලැබුණේ නැහැ.” යැයි බ‍්‍රසල්ස් නුවර පොලිස්පති කි‍්‍රස්ටියන් දෙ කොනික් පවසයි. ‘නේටෝව එපා. නේටෝව විසුරුවා හරිමු. අපට දැන්ම සාමය  ඕනෑ’ යැයි කෑ ගසමින් විරෝධතා පුවරු අතැතිව පැමිණි විරෝධතාකරුවන් ගොඩනැගිල්ල ඉදිරියට පැමිණෙද්දී කැරැලි මර්දන පොලිස් නිලධාරීහු ඔවුන්ට හරස් වූහ. පොලිස් අශ්වාරෝහක බළකායක් ද ඒ අතර සිටියේය. ගොඩනැගිල්ලට ඇතුළු වීමට උත්සාහ ගත් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවය. අත්අඩංගුවට ගැනීමේදී කිසිම විරෝධතාකරුවකුට අනතුරක් සිදු නොවූ බව බ‍්‍රසල්ස් පොලිස්පති අවධාරණය කරයි. විරෝධතාකරුවන් මෙල්ල කිරීමට පොලිස් නිලධාරීන් 600 ක් යොදවා තිබුණි. ”ලෝකයට යහපතක් කරනවා යැයි පවසමින් නේටෝව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වෙනවා. ආරක්ෂාව යැයි පවසමින් න්‍යෂ්ටික මිසයිල වැඩසටහනක් ආරම්භ කරන්න සැරසෙනවා. අප ඊට විරෝධය පළ කරනවා” යැයි ‘ඇක්ෂන් ෆෝ පීස්’ සංවිධානයේ ප‍්‍රකාශක බෙනෝයි කාල්වී පවසයි. විරෝධයට එක්ව සිටි වැඩි දෙනා බෙල්ජියම් ජාතිකයෝය. ඊට අමතරව නේටෝ සංවිධානයට අයත් බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශ, ජර්මනි, ස්පාඤ්ඤ, ස්වීඩන සහ තුර්කි රටවල සාම කි‍්‍රයාකාරීහු ද ඊට එක් වූහ.



අදහස් (0)

නේටෝ මූලස්ථානයට කඩා වැදීමට පැමිණි විරෝධතාකරුවෝ 483 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site