පිලිපීනයට බලපෑ ‘නොක්ටෙන්‘ සුළි කුනාටුවෙන් සිව් දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 120ක වේගයක් ගත් බව එරට කාලගුණ දෙපාර්තුමේන්තුව කියයි.
ගස් කඩා වැටී විදුලි රැහැන් පද්ධති වලට හානි සිදු වූ බවත් මහා මාර්ග රැසක් අවහිර වූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.ඒවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා කාර්මිකයන් යොදවා ඇති බවත් බලධාරීහු පවසති.
මේ හේතුවෙන් 380000ක් පමණ වැසියන්ට නිවෙස් වලින් ඉවත්ව සිටීමට සිදුවිණි.සමහර ප්‍රදේශ වල ගංවතුර තත්ත්වයක් ඇති වී ඇතැයිද වාර්තා වෙයි.
ඉදිරි පැය 36ටත් හදිසි ගංවතුර අනතුරු ඇඟවීමක් නිවේදනය කර ඇත.මේ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.
මුහුදු ගමන් අනතුරුදායක බව බලධාරීන් දැනුම් දීමත් සමග 12000ක් පමණ ධීවරයෝ ධීවර වරායේ සිට නත්තල් සැමරූහ.
(ඡායාරූප-ඒපී/රොයිටර්)




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.