ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස මීට දින දහයකට පමණ ඉහතදී පත් කරනු ලැබු ඇන්තනි ස්කාරමූචි මහතා එම තනතුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස අලුතින් පත් වූ ජෝන් කෙලී මහතා විසින් ඔහු මෙලෙස ඉවත් කරනු ලැබ තිබේ.
කෙටි කලකින් අවසන් වූ ස්කාරමූචිගේ පත්වීම බෙහෙවින් විවාදාත්මක වූ අතර ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීන්ට අවනත නොවී සෘජුවම ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමතීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල විය.
ස්කාරමූචි මහතා සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් බොහෝදෙනකු අප්‍රසාදය පල කර තිබුණි. මෙම පත්කිරීමට අකමැත්ත පල කරමින් හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් මහතා සහ හිටපු ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක ශෝන් ස්පයිසර් මහතා ද ඔවුන්ගේ තනතුරු වලින් ඉල්ලා අස් වූහ.
ස්කාරමුචී මහතාගේ ඉවත්කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය ඉතා කෙටි නිවේදනයක් කර තිබූ බව ද පැවසේ.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.