දකුණු කොරියාවේ සියොල් නගරයට බටහිරින් පිහිටි ඉන්චියොන් වරාය නගරයේ වෙරළාසන්න මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක්, තෙල් නැවක් හා ගැටීමෙන් 13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ මගීන් 20ක් හා කාර්යමණ්ඩලයේ දෙදෙනකු සිටි අතර දෙදෙනකු අතුරුදන්ව ඇති බව වෙරළාරක්ෂක නිලධාරීන් පවසයි. යාත්‍රාවේ කපිතාන්වරයාද අතුරුදන්ව ඇතැයි පැවසේ.
පටු මුහුදු මාර්ගයක් ඔස්සේ ගමන් කළ යාත්‍රා දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි. මුදවාගැනිමේ යාත්‍රා හයක් සහ ගුවන්යානා හයක් යොදාගෙන මෙහෙයුම් සිදු කරන අතර බේරාගත් හත්දෙනකු රෝහල් ගත කර ඇත.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට මහා සාගරයේ ඉඩ නැතිද? ත්‍රී වීලර් කාරක්ද ධීවර යාත්‍රාව පදෙව්වේ ?
කට්ටිය ඉන්නේ හරියට පෙරලුන පැත්ත හොඳයි කියන ගානට.