ආබාධිත මවට ආහාර විකා කවන දෙහැවිරිදි දරුවකු ගැන වාර්තා වන්නේ චීනයේ ජියැන්ග්සු ප‍්‍රදේශයෙනි.
මවගේ නම ෂෑන්ග් රොන්ග්සියෑන්ග්ය.ඇය මිීට වසර දෙකකට පෙර රිය අනතුරකට මුහුණ පෑ තැනැත්තියකි.රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇය ගැබිණියක්ව සිටියාය.
මුහුණ පෑ අනතුරේ බරපතල බව නිසාම ෂෑන්ග් ‘කෝමා’ තත්ත්වයකට පත්වූවාය.වෛද්‍යවරුන් ඇය යළි සිහිනොලබනු ඇතැයි පැවැසුවද ෂෑන්ගේ සැමියා වන ගවෝ ඩෙජින් ඇය රැක බලා ගත්තේය.
ඇයගේ සිරුර මනා සේ කි‍්‍රයාකාරී වූ නිසා ගර්භයේ වූ කළලයේ වැඞීමට බාධාවක් නොවීය.දවස් ගෙවුණු පසු ‘‘සිසේරියන්‘‘ සැත්කමක් ආධාරයෙන් සිහිනොමැතිව සිටි ෂෑන්ග්ගේ කුසෙන් පිරිමි දරුවෙක් මෙලොවට බිහි වුනේය.
ගවෝ ඔහු නම් කළේ ගවෝ ක්වින්බෝ ලෙසය.කුඩා ක්වින්බෝ උපන්දා සිටම හැදී වැඩුනේ සිහිසන් නොමැතිව සිටි මවගේ තුරුල්ලේය.
වසරක් ගෙවී උදාවුණු මැයි මසදී ප‍්‍රාතිහාර්යයක්ම සිදුවිය.වෛද්‍යවරුන් යළි නැගිටින්නේ නැතැයි කී ෂෑන්ග් යළි පියවි සිහිය ලැබුවාය.එහෙත් ඇයට පෙර මෙන් තම කටයුතු කර ගැනීමේ හැකියාවක් නොවීය.ඒ තවමත් ශරීරය දුබල බැවිනි.
කුඩා ගාවෝ මවගේ සහයට ආවේ මෙවිටය.තම මුඛයට බහා ගන්නා ආහාර විකා මවට කවන්නට ගාවෝ පටන් ගත්තේය.ආහාර සැපීමටවත් ශක්තියක් නොමැතිව සිටි ෂෑන්ග්ට මෙය මහත් ශක්තියක්ම විය.
ගාවෝ විකා තම මුවට හෙළන ආහාර ෂෑන්ග්ට ඇත්තේ ගිලින්නට පමණි.දෙහැවිරිදි තම දරුවා දැන් සිටම තමන්ට උවටැන් කරනු දකින මව අපමණ සතුටට පත්ව සිටින්නිය.
ගාවෝගේ මේ කි‍්‍රයාව නිසා ෂෑන්ග්ට දියරමය ආහාර ලබා දීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය නොවිය.ඔවුන්ගේ අදහස වන්නේ කුඩා ගාවෝ නිසාම ෂෑන්ග් නුදුරේදීම දෙපයින් නැගී සිටිනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමෙර උසට දරු සෙනෙහස හද රන්දා. ලේ ඇට නහරේ ගී රාවය මම වින්දා. .ලොව දුටු කල ඔබ අසරණ උණු හින්දා. හපලා කවමී මගේ අදර සුදු අම්මා.(නදී)
පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.මේ තාත්ත කරපු කැප කිරීමත් ගොඩක් ලොකු එකක්. මේ අම්මට ඉක්මනින් සුව වේවා. ඇසට කදුළු එන කතාවක්.(නදී)
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි, ආදර්ශමත් උතුම් දරුවෙක්. (ස)
ලොවටම වටිනා දරුවක් . මවට ඉක්මන් සුව ලැබේවා. (ස)
පුතේ ඔබට බුදු සරණියි.. (ස)
මේ ලෝකේ තව ජීවත් වෙන්ඩ හිතෙන ආරංචි..... (ස)
මේ කුඩා දරුවාගේ සත් ක්‍රියාවේ බලයෙන් මේ මව සනීප වෙන්න...අවුරුදු දෙකක දරුවෙක්ට මවකගේ අවශ්‍යතාව ඉතා විශාලයි..... (ස)
පුතේ, ඇත්තටම නුඹ සුපිරි පුතෙක්... (ස)
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!! (ස)
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු... (ස)
නියමයි පුතා. ඔයාටයි අම්මටයි ජේසු පිහිට ලැබේවා! (නි)
අම්මා බුදු වේවා. රත්තරන් චූටි පුතෙක්. (ස)
පුතුනි ඔබට බුදු බවම ලැබේවා ! තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා! (ස)
හරිම දුකයි. ඒත් ලොකු සතුටක් දැනෙනවා. අම්මට ඉක්මනටම සනීප වේවි. (ස)
ගව් ගණනක් තම මව කරතබාගෙන සයුරු රළ පරයා වෙරළට පිහිනා ගිය අප මහා බෝසතුන් තම මවගෙන් බුද්ධත්වයට නියත විවරන ගත් ඒ මාතුපෝසක ජාතකය මට නැවත සිහි වුනා, පුන්චි හුරතල් පැටියෝ, ඔයා බෝසත් දරුවෙක්! (නි)
සංසාරේ සිටම පතාගෙන එන දෙන්නෙක්. බුදු සරණයි (නි)
අම්මව ඉක්මනින්ම සනීපකර ගන්නට රත්තරන් පුතාට හෑකිවේවා! (නි)
රත්තරන් පුතේ ඔබටත් මවටත් සම්මා සම්බුදු සරණින් සිතන පතන සැම දේ ඉටු වේවා !(නදී)
සුභ පැතුම්. (ස)
මල්ලියේ, ඔයාට තුනුරුවන්ගේ සරණයි (නි)
පුතේ, නුඹ රත්තරන් රටක් වටිනා පුතෙක් (නි)
මගේ ඇස් වලට කදුලු ආවා. (නි)
පිස්සු හැදෙනවා මේවා අහද්දී (නි)
වරුණ මේවා ඉගෙන ගන්න. උරුලෑවෝ ගැන කිය කියා ඉඳලා හරියන්නේ නැහැ (නි)
මෙවැනි දේවල් අහන්න ලැබීම මගින් මනසට දැනෙන්නේ මහා පුදුම සතුටක් ශක්තියක්! මෙවැනි පුතුන් දුවරුන් වැඩි වැඩියෙන් ලෝකයට දායාද වේවා!!! (නි)
පුතේ, ඔයා කරගන්නේ ලොකු පිනක් (නි)
හැමෝම මේ දරුවාගේ පියා අමතක කරලා වගේ (නි)
එක පුන් සඳෙන් දුරු වේ ලොව ඝන අඳුරු. (නි)
හදවතට දැනෙන පුවතක්. මවට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ආදරණීය පුතෙක්, බුදු සරණයි. (නි)
අනේ! මෙලෝ හතරක් නොදන්නා මේ කිරි සප්පය කරන මේ සත්ක්‍රියාව දැකලා මගේ මුළු හදවතින්ම දෙනෙතට කදුළු නැගුනා. මේ මවටත් පුතාටත් ලොව පාලනය කරන්නාවූ සියලුම දෙවි,දේවතාවුනි, වැඩම කෙරේවා මේ කැදැල්ලට, මොවුන් සුවපත් කරනු හනිකට.., පුදුම කරමින් වසර දෙකකට.., කෑම කවනවා වැදූ මව් හට !!! පුතේ නුබ බුදුබව ලබන්නට පෙරුම් පුරනවා නේද ..?නුඹට බුදුබව ලැබියන් !! සාදු.., සාදු.., සාදු (නි)
රත්තරන් පුතා (නි)
එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු . (නි)
මේක කියව ගෙන යන විට ඇහේ කදුළු ගෙඩි වලට අකුරු බොද උනේ. හරිම සංවේදී නිව්ස්එකක්. අනේ සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඒ මාතාවට හැකි ඉක්මනින් සියලුඋම රෝග අපහසු කම් සුවවී ..මවට හා දරුවට ඔව්නොවුන්ගේ සෙනෙහස විදගන්න ..දෙවියන්ගේ ..මහා ප්‍රාතිහාර්යකින් ..ඔවුන්ට ශක්තිය ලැබේවා (නදී)
මේවගේ දරුවන් බුදුන් දැක නිවන් දකින්න වුමනයි. අද මෙම ධර්මද්වීපයෙත් ඇතැම් දරුවන් අම්මලට සලකන අන්දම දැක්කම මෙම දරුවා ලබන්නට මෙම මෑණියන් පෙර ආත්මවල ලොකු පිනක් කරන්න උවමනායි. (ස)
මේ වගේ දරුවෙකුගේ පිහිට ලබන අම්මා වගේම මේ වගේ දෙයක් අහන්න අපිත් පින් කරලා තියනවා. ඒ තාත්තට මොනතරම් ශක්තියක්ද මේ පුතා? තුන්දෙනාටම තෙරුවන් සරණයි !!!! (නි)
පින්වන්ත පුතෙක් වාසනාවන්(අ)
පින්වන්ත පුතෙක් වාසනාවන් (අ)
හරිම හැඟුම් බර කතාවක්.පුතාට, අම්මට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සැනසුම ලඟා වේවා!! ලංකාවේ මිනිසුන් කොතරම් සංවේදී ද කියලා මට හිතෙනවා. ගජබා කියන එකට මමත් නවසීලන්තේ සිට එකඟ වෙනවා. (ස)
අනේ චූටි පුතේ, ඔයාට ගොඩක් පින්! (නි)
නයි වගේ විසකුරු මිනිසුන් ගෙන් පිරුණු ලෝකයේ බෝසත් ගති ඇති දරුවනුත් බිහිවෙන බව සිතන්න . නුබේ ලෝකය වාසනාවෙන් ආලෝකමත් වේවා!(නදී)
පුතේ ඔයාටත් අම්මටත් තෙරුවන් සරණයි.(නදී)
මගේම රත්තරන් පුතේ, ඔයා ලෝකෙටම රජ වේනන ඕනෑ (නි)
අහන්න ලැබීමත් සතුටක්. බොහොම පින් මෙම දැනුවත් කිරීම ගැන (නි)
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි (නි)
ලස්සන හිනාවක් තියෙන වාසනාවන්ත පින්බර චුටි පුතෙක්..ජේසු පිහිටයි.(නදී)
ඇත්තටම කිසි දෙයෙක් ලියාගන්න බැහැ. කඳුළු උනනවා ඇස වලට. (ස)
ලෝකේ කොහේ හෝ කමක් නැහැ.අම්මටත් පුතාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා! මාතු පාදං නමාමි. (නි)
ආඩම්බරයි කොල්ලෝ. උඹ නියම පැටියෙක්.වාසනාවන්. (නි)
වාසනාවන් චුටී පුතේ (නි)
වාසනාවන්ත පුතෙක් සහ අසරණ නොවූ මවක්.හදවතට දැනෙන සුන්දර පුවතක්.බුදු සරණයි (නි)
නියමයි පුතේ. නුඹ මොන රටක ජාතියක ඉපදුනත් පුතේ නුඹ මුළු ලෝක ජාතියටම ආඩම්බරයක්. (නි)
පුතේ ඔයාට බුදු සරණයි.ඔයාගෙ අම්මට ඉක්මනින් සුව වේවා..........(නදී)
බුදු ගුණ බලයෙන් මව ඉක්මනින් සුවපත් වී චුටි පුතාට ජය සතුට ළගාවේවා ! (නි)
බුදුවන්නට පෙරුම් පුරන තවත් බෝසතාණෝ කෙනෙක් විය හැක (නි)
පුංචි පුතා අම්මාට දක්වන ආදරය නිසාම මේ අම්මාට ඉක්මන් සුවය ලැබෙනවා. සියලු දේව ආශිර්වාදය ලැබේවා! (නි)
රත්තරන් වටිනා දරුවෙක්. (නි)
ඒ පුතා මුළු ලොවටම ආදර්ශයක්. බුදු සරණයි! (නි)
මගේ දයාබර සහෝදරවරු සහෝදරියෝ මේ පුවත කියවලා මගේ කවියත් කියවන්න එතකොට හිතට දැනෙන හැඟීම වචනවලට ගලපගන්න පිටුවහලක් වේවී. (ස)
ඔන්න නියම දරුවෝ. අපේ අය අම්මාගේ කටට දාපු එකත් කනවා (නි)
ලෝකයටම ආදර්ශයක් (නි)
හැමදාම පත්තරේ බලනකොට දකින දූෂණ /වංචා /මිනීමැරුම්...වලට වැඩිය, මේ ප්‍රවෘත්තිය කොච්චර හොදද ? කොච්චර සිත සසල කරන දෙයක්ද?ඔබගේ පුංචි පවුලට තෙරුවන් සරණයි. (නි)
ලෝකය මොන තරම් සොඳුරුද?? (නි)
ජය! (නි)
පින් ඇති පුතෙක්. තෙරුවන් සරණින් අම්මට ඉක්මන් සුවය ලැබේවා..!!(නදී)
එකනේ මම කිවුවේ...අපි ඔක්කොම එක වගේ..හැමෝගෙම ඇස් වලට කඳුළු ඇවිල්ල....ඉතින් අපි ඔක්කොම සංගමයක් හදමු..!! සමහර විට අපේ රටේ මේ වගේ දරුවන්ට අපිට උදවුවක් කරන්න පුළුවන් වෙයි...(අ)